Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic එන්.සී.සී. පිලට ලකුණු 3 ක තියුණු ජයක්

එන්.සී.සී. පිලට ලකුණු 3 ක තියුණු ජයක්

editorial - 2025 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (8 වැනිදා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී එස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් කණ්ඩායමට එන්.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 නිමාවට පත්වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ චාමික කරුණාරත්න, මතීෂ පතිරණ සහ සම්පත් නිශ්ෂංක කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඒස් කැපිටල් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

සෙසු පිතිකරුවන් එකා පිට එකා අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ අංක 3 පිතිකරු නිමේෂ ගුණසිංහ පන්දු 61 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 62 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 118 ක් ලබාගත් අතර එන්.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දිනෙත් ගුණවර්ධන පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක් රැස්කළේය. කමිල් මිෂාර පන්දු 12 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ නිමේෂ ගුණසිංහ සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේය. රවීන් ද සිල්වා, අනුක විජේවර්ධන සහ වනුජ සහන් කඩුලු 2 බැගින් දවාගනිමින් එන්.සී.සී. ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා නිමේෂට අනගි සහායක් දුන්හ. 


එන්.සී.සී. පිල - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 118 
(නිරෝෂන් දික්වැල්ල 16, කමිල් මිෂාර 22, දිනෙත් ගුණවර්ධන 37, නිමේෂ ගුණසිංහ 21/3, රවීන් ද සිල්වා 14/2, අනුක විජේවර්ධන 21/2, වනුජ සහන් 27/2) 

ඒස් කැපිටල් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 115 
(නිමේෂ ගුණසිංහ 62, මාලිංග අවමරසිංහ 17, චාමික කරුණාරත්න 17/2, මතීෂ පතිරණ 21/2, සම්පත් නිශ්ෂංක 23/2) 


අදහස් (0)

එන්.සී.සී. පිලට ලකුණු 3 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.