Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic නුගේගොඩ ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක ජයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

නුගේගොඩ ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක ජයක්

editorial - 2025 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක් ජයක් වාර්තා කිරීමට නුගේගොඩ ක්‍රීඩා සමාජය අද (14 වැනිදා) විය. මෙවර තරගාවලියේදී නුගේගොඩ ක්‍රීඩා සමාජය ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය නුගේගොඩ ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ලොහාන් ද සොයිසා (නොදැවී 51) සහ නායක තිලකරත්න සම්පත් (නොදැවී 29) නුගේගොඩ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. ලොහාන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 

දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) කිසිවකු නොදැවී ලකුණු 61 ක් ලබා සිටි හලාවත මේරියන්ස් කණ්ඩායමට අද දිනයේදී සියලු දෙනා දැවී සිය දෙවැනි ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ මධුක ලියනපතිරණ සහ තිලකරත්න සම්පත් කඩුලු 3 බැගින් දවාගත් අතර මේරියන්ස් ඉනිම සුනුවිසුණූ කර දැමීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් අබ්දුල් හකාම් සහ අනුක් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. 

හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 203 
(තනුක දාබරේ 23, කසුන් විදුර 52, සම්මු අෂාන් 18, සකුන ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, කෞමාල් නානායක්කා 18, ලොහාන් ද සොයිසා 43/3, මධුක ලියනපතිරණ 35/2, තිලකරත්න සම්පත් 45/2) 

නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 321 
(පුලිඳු පෙරේරා 20, ලොහාන් ද සොයිසා 18, තිලකරත්න සම්පත් 64, පැතුම් කුමාර 57, කෙවින් පෙරේරා 24, අක්‍රම් මුතාලිබ් 54, අනුක් ප්‍රනාන්දු 23, මධුක ලියනපතිරණ 31, කල්හාර සේනාරත්න 62/3, නිම්සර අතරගල්ල 42/2) 

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 211 
(ලසිත් ලක්ෂාන් 20, තනුක දාබරේ 51, කසුන් විදුර 28, සකුණ ලියනගේ 44, නිම්සර අතරගල්ල 22, මධුක ලියනපතිරණ 51/3, තිලකරත්න සම්පත් 66/3, අබ්දුල් හකාම් 31/2, අනුක් ප්‍රනාන්දු 35/2) 

නුගේගොඩ දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 96  
(ලොහාන් ද සොයිසා නොදැවී 51, තිලකරත්න සම්පත් නොදැවී 29) 

 


අදහස් (0)

නුගේගොඩ ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.