Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජේම්ස් ෆෝල්ක්නර්ගේ වේගවත් අර්ධ ශතකය නිසා එංගලන්තය සමග බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේදී පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය.
ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ පන්දු 3 ක් පමණ ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වූහ.
ග්ලේන් මැක්ස්වෙල් (54) සහ බ‍්‍රැඞ් හැඞ්න් (26) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක් රැස්කරමින් 34 වැනි ඕවරය වන විට ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ මුලූ ලකුණු සංඛ්‍යාව 200 ක් දක්වා රැගෙන ආ නමුත්, 35 වැනි ඕවරය යැවූ ටිම් බ්‍රෙස්නන් එම ඕවරයේදී ඔවුන් දෙදෙනාවම ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම ලකුණු 206 කට කඩුලූ 7 ක් දැවී ඉතා අසීරු තත්ත්වයකට ඇද වැටිණ.
මෙම අවස්ථාවේ ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් ෆෝල්ක්නර්, අවසන් කඩුල්ල සඳහා ක්ලින්ට් මැකේ (2) සමග එක්ව පන්දු 33 කදී ලකුණු 57 ක නොබිඳුන සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය. පන්දු 47 කට මුහුණදෙමින් වේගවත් ලකුණු 69 ක් රැස්කළ ෆෝල්ක්නර්, හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම වර්ණවත් කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 300 ක් රැස්කළ අතර එහිදී එංගලන්ත ඉනිමේ කොදුනාරටිය බවට පත්වූ ඔයින් මොර්ගන් පන්දු 99 කදී හයේ පහර 6 ක් සහ හගරේ පහර 4 ක් සමග ලකුණු 106 ක් රැස්කිරීමට සමත්විය.
අළුබඳුන තරගාවලියේදී එංගලන්ත පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ප‍්‍රධානම වේගපන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ට මෙම තරගයේදී ඕවර 10 ක් යවා දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි. එම කඩුල්ල දවාගැනීම සඳහා ඔහු ප‍්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 59 ක් ලබැගැනීමට අවස්ථාව දී තිබිණ.
එංගලන්ත පිල - ඕවර 50 කදී කඩුලූ 8 කට 300
(ඇලෙස්ටෙයාර් කුක් 22, ඉයන් බෙල් 68, ඔයින් මෝගන් 106, රවී බොපාරා 24, ජොස් බට්ලර් 49, ග්ලේන් මැක්ස්වෙල් 21/2, නේදන් කූල්ටර්නයිල් 55/2, ජේම්ස් ෆෝක්නර් 73/2)
ඕස්ටේ‍්‍රලියා පිල - ඕවර 49.3 කදී කඩුලූ 9 කට 301
(ඬේවිඞ් වෝනර් 18, ෂෝන් මාර්ෂ් 55, මයිකල් ක්ලාක් 17, ජොර්ජ් බේලි 24, ග්ලේන් මැක්ස්වෙල් 54, බ‍්‍රැඞ් හැඞ්න් 26, නේදන් කූල්ටර්නයිල් 16, ජේම්ස් ෆෝක්නර් 69, ජෝ රූට් 46/2, කි‍්‍රස් ජෝර්ඞ්න් 53/2, ටිම් බ්‍රෙස්නන් 64/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.