Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හේල්ස් එංගලන්ත සංචිතයෙන් ඉවතට

හේල්ස් එංගලන්ත සංචිතයෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ලක්වූ ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ඒ අනුව සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඔහුට අහිමිවී යනු ඇත.

ක්‍රිකට් වලට සම්බන්ධ ක්‍රියාවක් නොවූවද එංගලන්ත ක්‍රිකට් ආයතනයේ විනය කඩකිරීමේ චෝදනාවලට දෙවැනි වරටත් ලක්වීම හේතුවෙන් 15 දෙනෙකුගෙන් සමන්විත ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය. ඒ සමගම සියලුම එංගලන්ත සංචිත වලින් ඇලෙක්ස් හේල්ස් ඉවත් වී තිබේ.

2017 සැප්තැම්බර් මාසයේදී ද බෙන් ස්ටෝක්ස් සමගින් එක්ව මහමඟදී පුද්ගලයකුට පහරදීම හේතුවෙන් තරග තහනමකට සහ දඩගැසීමකට ද හේල්ස් මුහුණ දුන්නේය.

ඒ අනුව 30 හැවිරිදී හේල්ස්ට අයර්ලන්තය සමගින් සිකුරාදා පැවැත්වෙන තරගයත් පාකිස්තානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සහ මෙම මස අවසානයේ ආරම්භවන ලෝක කුසලාන තරගාවලිය අහිමිවී යනු ඇත.

මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් බොහෝ දුර සිතා බැලීමට සිදුවූ බවත් එය අසීරු තීරණයක් වූ බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ඇෂ්ලී ජයිල්ස් මහතා පැවසීය.

“මට එක දෙයක් පැහැදිළි කරන්න ඕනා. මේක ඇලෙක්ස්ගේ ක්‍රිකට්වල අවසානය නෙමේ” යයිද ජයිල්ස් මහතා වැඩිදුරටත් පැවසීය.

ටෙස්ට් තරග 11කට, එක්දින තරග 70 කට සහ විස්සයි20 තරග 60 කට ක්‍රීඩාකර ඇති හේල්ස් සුදු පන්දුව සඳහා විශේෂඥයෙකි.

 


අදහස් (0)

හේල්ස් එංගලන්ත සංචිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.