කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (15) අවසන් වූ 135 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (15) පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් කරන විට රාජකීය විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය.
විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ හෂේන් රාමනායක ලකුණු 96 ක් ලබා සිටියදී ක‍්‍රීඩාංගණයට පේ‍්‍රක්‍ෂකයන් කඩා වැටීම නිසා විනාඩි 20 ක පමණ කාලයක් තරගය අත්හිටුවීමට සිදුවූ අතර දැඩි පීඩනය මධ්‍යයේ නැවතත් තරගය ආරම්භ කළ පසු හෂේන් දැවී ගියේය.
හෂේන් රාමනායක සහ රන්දේව් පතිරණ ඕවර 49.4 ක් කඩුලූ ආරක්‍ෂා කරගනිමින් රාජකීය විදුහල වැටී සිටි දැඩි අවදානම් තත්ත්වයෙන් මුදා ගැනීමට සමත් වීම තරගයේ කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය. හෂේන් රාමනායක (96) සහ රන්දේව් පතිරණ (23) සටන්කාමී ලකුණු 88 ක සම්බන්ධතාවක් පවත්වමින් රාජකීය විදුහල් ගෞරවය රැකගැනීමට සමත් වූහ.
රාජකීය විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 167 ක ඉලක්කය තේ විවේකයට පෙර සම්පූර්ණ කරමින් ඉනිමකින් පරාජය වීමේ අවදානමෙන් ගැලවුණි. හෂේන් ලකුණු 96 සදහා පන්දු 328 කට ද, රන්දේව් ලකුණු 23 සදහා පන්දු 154 කට ද, ක‍්‍රීඩා කර තිබුණි.
හෂේන් සහ රන්දේව් තීරණාත්මක කාල පරාසය වූ දිවා විවේකයේ සිට තේ විවේකය දක්වා කඩුලූ ආරක්‍ෂා කරගනිමින් තරගය විසදුමකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කළහ. හෂේන් 47 වැනි ලකුණු සිට 48 වැනි ලකුණු රැස්කිරීමට පන්දු 56 කට ක‍්‍රීඩා කළ අතර අර්ධ ශතක සම්පූර්ණ කිරීමට පන්දු 202 ක් වැය කළේය.
අවස්ථානුකූල ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි හසිත සමරසිංහ පන්දු 102 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 31 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දිවා විවේකයට පෙර පිටියෙන් ඉවත් විය. මස්පිඩු පෙරළීමේ ආබාධයකට ලක්ව ඊයේ පස්වරුවේ පිටියෙන් ඉවත් වූ හසිත දෙවැනි කඩුල්ල බිද වැටීමෙන් අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පැමිණියේය.
හෂේන් රාමනායක සහ හසිත සමරසිංහ පන්දු 156 ක් කඩුලූ රැකගනිමින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනගමින් රාජකීය විදුහල් බලාපොරොත්තු ඉහළ නැංවූහ. තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ශාමින්ද ඩයස් ලකුණු 20 ක් ලබා දැවී ගියේය.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (14) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල එක කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබා සිටියේය.
ලකුණු පුවරුව
රාජකීය විදුහල පළමු ඉනිම
ශාමින්ද ඩයස් - ක. මූ. කළා ප. සහන් විජේසිංහ 1
ගීෂාත් පණ්ඩිතරත්න - ඇ. තේනුක වික‍්‍රමසිංහ ප. හෙළකමල් නානායක්කාර 25
හසිත සමරසිංහ - ඇ. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් ප. අබ්දුල් කාදර් 8
හෂේන් රාමනයක - ක. මූ. කළා ප. අබ්දුල් කාදර් 0
රන්දේව් පතිරණ - ප. අබ්දුල් කාදර් 6
චාමික කරුණාරත්න - ඇ. හෙළකමල් නානායක්කාර ප. තරිදු රත්නායක 11
තිරාන් ධනපාල - ඇ. යොහාන් මෙන්ඩිස් ප. සහන් විජේසිංහ 46
උමේෂ් සූරියබණ්ඩාර - ඇ. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් ප. සහන් විජේසිංහ 1
දේවින් පත්මනාදන් - ක. මූ. කළා ප. සහන් විජේසිංහ 0
හරිත් සමරසිංහ - ඇ. සනීෂ් ද මෙල් ප. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 50
අනූප තිලකරත්න - නොදැවී 0
අතිරේක 10
එකතුව ඕවර 50.2 කදී සියලූ දෙනා දැවී 158
කඩුලූ වැටීම:
1-2(ශාමින්ද ඩයස්), 2-17(හසිත සමරසිංහ), 3-17(හෂේන් රාමනායක), 4-23(රන්දේව් පතිරණ), 5-44(ගීෂාත් පණ්ඩිතරත්න), 6-58(චාමික කරුණාරත්න), 7-59(උමේෂ් සූරියබණ්ඩාර), 8-59(දේවින් පත්මනාදන්), 9-155(හරිත් සමරසිංහ), 10-158(තිරාන් ධනපාල)
පන්දු යැවීම:
අබ්දුල් කාදර්: 12-1-37-3, සහන් විජේසිංහ: 15.2-4-45-4, තේනුක වික‍්‍රමසිංහ: 3-1-6-0, හෙළකමල් නානායක්කාර: 6-2-15-1, තරිදු රත්නායක: 10-3-32-1, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්: 2-0-8-1, සචින්ත ජයතිලක: 1-0-4-0, තිලක්‍ෂ සුමනසිරි: 1-0-7-0
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම
යොහාන් මෙන්ඩිස් - ප. චාමික කරුණාරත්න 29
රෂ්මික ඕපාත - ප. අනූප තිලකරත්න 21
සනේෂ් ද මෙල් - නොදැවී 110
තිලක්‍ෂ සුමනසිරි - ඇ. රන්දේව් පතිරණ ප. හෂේන් රාමනායක 35
හෙළකමල් නානායක්කාර - ප. අනූප තිලකරත්න 1
තරිදු රත්නායක - ඇ. උමේෂ් සූරියබණ්ඩාරප. හෂේන් රාමනායක 24
මධුෂාන් රවිචන්ද්‍රකුමාර් - ඇ. ශාමින්ද ඩයස් ප. චාමික කරුණාරත්න 23
සචිත ජයතිලක - ඇ. තිරාන් ධනපාල ප. චාමික කරුණාරත්න 0
චේනුත වික‍්‍රමසිංහ - ඇ. අනූප තිලකරත්න ප. චාමික කරුණාරත්න 66
අතිරේක 16
එකතුව ඕවර 104.1 කදී කඩුලූ 8 ක් දැවී 325
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
සහන් විජේසිංහ, අක්තාබ් කාදර්
කඩුලූ වැටීම:
1-26(රෂ්මික ඕපාත), 2-76(යොහාන් මෙන්ඩිස්), 3-127(තිලක්‍ෂ සුමනසිරි), 4-136(හෙළකමල් නානායක්කාර), 5-179(තරිදු රත්නායක), 6-209(මධුෂාන් රවිචන්ද්‍රකුමාර්), 7-209(සචිත ජයතිලක), 8-325(චේනත වික‍්‍රමසිංහ)
පන්දු යැවීම:
චාමික කරුණාරත්න: 29.1-5-91-4, අනූප තිලකරත්න: 18-5-63-2, හෂේන් රාමනායක: 21-0-70-2, හසිත සමරසිංහ: 2-0-3-0, හරිත් සමරසිංහ: 11-3-27-0, රන්දේව් පතිරණ: 12-3-30-0, දෙවින් පත්මනාදන්: 11-2-32-0
රාජකීය විදුහල දෙවැනි ඉනිම
ශාමින්ද ඩයස් – ඇ. සනේෂ් ද මෙල් ප. චේනුත වික‍්‍රමසිංහ 20
ගීෂාත් පණ්ඩිතරත්න - ඇ. තරිදු රත්නායක ප. සහන් විජේසිංහ 0
හසිත සමරසිංහ - ප. සචිත ජයතිලක 31
හෂේන් රාමනායක - ඇ. හෙළකමල් නානායක්කාර ප. අක්තාබ් කාදර් 96
රන්දේව් පතිරණ - දුවද්දී දැවී ගියා 23
චාමික කරුණාරත්න - ඇ. චේනුත වික‍්‍රමසිංහ ප. තරිදු රත්නායක 35
තිරාන් ධනපාල - නොදැවී 28
අතිරේක 35
එකතුව ඕවර 119.4 කදී කඩුලූ 6 ක් දැවී 268
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
උමේෂ් සූරියබණ්ඩාර, දේවින් පත්මනාදන්, හරිත් සමරසිංහ, අනූප තිලකරත්න
කඩුලූ වැටීම:
1-02(ගීෂාත් පණ්ඩිතරත්න), 2-44(ශාමින්ද ඩයස්), 3-95(හසිත සමරසිංහ), 4-183(රන්දේව් පතිරණ), 5-234(චාමික කරුණාත්න), 6-268(හෂේන් රාමනායක)
පන්දු යැවීම:
අක්තාබ් කාදර්: 20.4-9-38-1, සහන් විජේසිංහ: 16-6-33-1, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්: 25-7-48-0, හෙළකමල් නානායක්කාර: 6-30-9-0, තරිදු රත්නායක: 30-12-70-1, චේනුත වික‍්‍රමසිංහ: 5-2-21-1, සචිත ජයතිලක: 16-10-24-1, රෂ්මික ඕපාත: 1-0-04-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.