Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයිඩ්‍රාබාද් පිලට ලකුණු 45 ක ජයක්

හයිඩ්‍රාබාද් පිලට ලකුණු 45 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් XI පංජාබ් කණ්ඩායම අතර හයිඩ්‍රාබාද්හිදී අද (29 වැනිදා) පැවැති තරගය ලකුණු 45 කින් ජයගැනීමට හයිඩ්‍රාබාද් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පංජාබ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167 ක් පමණි.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 56 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ඛලීඞ් අහමඞ් සහ රෂීඞ් ඛාන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සංදීප් ශර්මා කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් හයිඩ්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 212 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් වෝනර් පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 81 ක් රැස්කරමින් හයිඩ්‍රාබාද් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

විර්ධිමාන් සාහා සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 38 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඬේවිඞ් වෝනර් දෙවැනි කඩුල්ල සඳහා 55 කදී ලකුණු 82 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

රයිචන්ද්‍රන් අශ්වින් සහ මොහොමඞ් ශාමී කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනාගත් කිංග්ස් XI පංජාබ් කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අශ්වින් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

සන්රයිසස් හයිඩ්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 212
(ඬේවිඞ් වෝනර් 81, විර්ධිමාන් සාහා 28, මනීෂ් පාණ්ඬේ 36, මොහොමඞ් නබී 20, රයිචන්ද්‍රන් අශ්වින් 30/2, මොහොමඞ් ශාමී 36/2)

කිංග්ස් XI පංජාබ් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 167
(ලෝකේෂ් රාහුල් 79, මයන්ක් අගර්වාල් 27, නිකලස් පූරන් 21, ඛලීඞ් අහ්මඞ් 40/3, රෂීඞ් ඛාන් 21/3, සංදීප් ශර්මා 33/2)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (0)

හයිඩ්‍රාබාද් පිලට ලකුණු 45 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.