Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සැමුවෙල්ස්ගෙන් විශිෂ්ට සරදමක්

සැමුවෙල්ස්ගෙන් විශිෂ්ට සරදමක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක මාලන් සැමුවෙල්ස් එංගලන්ත කී‍්‍රඩක බෙන් ස්ටෝක්ස්ට හිස් ආවරණය ගලවා ආචාර කිරීමේ කිසිදු වරදක් නැතැයි බටහිර ඉන්දීය කොදෙව් පිලේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ශී‍්‍රමත් කර්ට්ලි ඇම්බ්‍රෝස් ප‍්‍රකාශ කරයි.

එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී බෙන් ස්ටෝක්ස් ලකුණු 8 ක් ලබා සිටියදී දැවී ගිය අතර ඔහු කී‍්‍රඩාගාරයට යන අතරතුර මාලන් සැමුවෙල්ස් පසු කර යමින් සිටියේය. ඒ අවස්ථාවේදී මාලන් සැමුවෙල්ස් සිය හිස් ආවරණය සිය පපුව අසල තබාගනිමින් අත නළලේ තබා (සොල්දාදුවෙකු හමුදා නිලධාරියකුට ආචාර කරන්නාක් මෙන්) බෙන් ස්ටෝක්ස්ට ආචාර කළේය.

වත්මන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ සරදම් කිරීම සුලබ දසුනක් බවට පත්ව ඇත.
”මාලන් සැමුවෙලස් කළ පුංචි සරදමේ කිසිදු වරදක් නැහැ. මේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාව” යැයි බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලින් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නකු වූ ශී‍්‍රමත් කර්ට්ලි ඇම්බ්‍රෝස් පවසයි.

මෙම තරගයේ පළමු ව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 299 ක් රැස්කළ අතර එහිදි තුන් ඉරියව් කී‍්‍රඩක මාලන් සැමුවෙල්ස් ශතකයක් ලබාගත්තේය. බෙන් ස්ටෝක්ස්ගේ කි‍්‍රයා මට උත්තේජනයක් වූවා යැයි ශතකය ලබාගැනීමෙන් පසුව මාලන් සැමුවෙල්ස් පවසා තිබිණි.

”මම හිතනවා මේක මම කාලෙකින් ටෙස්ට් පිටියේදී දැකපු විශිෂ්ට දෙයක්. මම හිතනවා ඔහුට කිසිදු දඬුවමක් හිමිවෙන එකක් නැහැ කියලා”

”ඒක විශිෂ්ට සරදමක්” යැයි මෙම සිදුවීම සම්බන්ධයෙන් බී.බී.සී රූපවාහිනී සේවයට ටෙස්ට් තරගය පිළිබඳ අදහස් දක්වමින් එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු නායක මයිකල් වෝන් පැවසුවේය.

එහෙත් ටෙස්ට් කඩුලූ 405 ක හිමිකරුවකු වන ශී‍්‍රමත් කර්ට්ලි ඇම්බ්‍රෝස් ඒ පිළිබඳව කතාකළේ තරමක් ප‍්‍රවේසම් සහගතවය.

”එය සීමාව ඉක්මවා නොයන තෙක් ඒවැනි දේවලින් කමක් නෑ....මම හිතනවා, ඒ කිසිවකටත් වඩා මිත‍්‍රශීලි දෙයක් කියලා.... ඔහු ආචාර කළා. එය ගරු කිරීමේ සංකේතයක් නේ”  

”මම දන්නේ නැහැ. මම එහෙම හිතනවා”

”අපි හැමවිටම කී‍්‍රඩකයන්ට කියන්නේ හොඳින් සෙල්ලම්, කරන්න, විනයක් ඇතුව කී‍්‍රඩා කරන්න කියලයි” යයි කර්ට්ලි ඇම්බ්‍රෝස් පැවසීය.


අදහස් (0)

සැමුවෙල්ස්ගෙන් විශිෂ්ට සරදමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.