Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ටේන් අයිපීඑල් තරගාවලියෙන් ඉවතට

ස්ටේන් අයිපීඑල් තරගාවලියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උරහිසේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඬේල් ස්ටේන්ට ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවූයේ තරග 2 ක් පමණි.

ඕස්ටේ්‍රලියානු වේගපන්දු යවන ක්‍රීඩක නේතන් කූල්ටර්නයිල් ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් පසුගිය සතියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමගින් එක්වීමට ඬේල් ස්ටේන්ට අවස්ථාව උදාවිය. ලබන මස 30 වැනිදා ආරම්භවන ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන දකුණු අප්‍රිකානු සංචිතයටද ස්ටේන් ඇතුලත්වේ.

දැන් පැවැත්වෙමින් පවතින ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඬේල් ස්ටේන් සහභාගී නොවන බව නිවේදනයක් නිකුත් කරමින් බැංගලෝර් පිලේ සභාපති සංජීව් චූරිවාලා මහතා පැවසීය. ඉදිරියේදී පැවැත්වෙන තරග වලදී ස්ටේන්ගේ අඩුව තදින්ම බලපාන බව පැවැසු චූරිවාලා මහතා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඉදිරි වැඩකටයුතු සඳහා සුභපතන බවත් පැවසීය.

ස්ටේන් ක්‍රීඩාකළ තරග 2 දී කඩුලු 2 බැගින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූ අතර එම තරග 2 ජයගැනීමටද බැංගලෝර් පිල සමත්විය.

එංගලන්තයේදී සහ වේල්සයේදී මෙවර පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී කගිසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි සමගින් එක්ව දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීමට ඬේල් ස්ටේන් එක්වනු ඇත.
මැයි 30 වැනිදා ලන්ඩන්හිදී එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව තරග වදිමින් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

 


අදහස් (0)

ස්ටේන් අයිපීඑල් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.