එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තමන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් අද (9 වැනිදා) සවස නිකුත් කරන ලද නිවේදනයනින්ද මේ බව තහවුරු කරන ලදි.
දකුණු අපි‍්‍රකානු ජාතිකයකු වන ශී‍්‍ර ලංකා පිලේ වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සරේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමේ මීලග පුහුණුකරුවා වනු ඇතැයි එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පත අද වාර්තා කළේය.
”සරේ ප‍්‍රාන්ත පිලේ පුහුණුකරු තනතුර බාරගන්න කැමතිද කියලා ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී සරේ ප‍්‍රාන්ත පිලේ ප‍්‍රධාන විධායක නිලධාරි මහතා මගෙන් නිකමට වගේ ඇහැව්වා”
”මගේ පිළිතුර වුණේ මා දැනටමත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා බවත්, මගේ කොන්ත‍්‍රාත් කාලය 2014 ජනවාරි මාසයේදී අවසන් වීමට නියමිත බැවින් කිසියම් විකල්පයක් ඇත්නම් ඉන් පස්සේ ඒ ගැන සිතා බලන බවත් කියන එකයි” යයි ගාර්ඩියන් පුවත් පතේ වාර්තාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කරන ලද විමසීමකදී ෆෝඞ් මහතා පවසා තිබේ.
”ඊට පස්සේ සරේ ප‍්‍රාන්ත නිලධාරීන් සහ මා අතර කිසිදු සකච්ඡවක් වුණේ නෑ” යයිද ෆෝඞ් මහතා පවසා ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කර තිබිණ.
දකුණු අපි‍්‍රකානු ජාතික කණ්ඩායමේද හිටපු පුහුණුකරුවා වන ග‍්‍රැහැම් ෆෝඞ් මහතා මේ වන විට එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කරන නමුත් දකුණු අපි‍්‍රකාවේ උපත ලද කී‍්‍රඩකයකු වන කෙවින් පීටර්සන්ගේ කුළුපග මිතුරෙකි.
ලබන වසරේදී කෙවින් පීටර්සන් මෙන්ම දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයා වන ගේ‍්‍රඒම් ස්මිත්ද සරේ පිලට එක්වීමට සූදානමින් සිටිති. වසර 2007 දී කෙන්ට් පිලේ පුහුණුකරුවා වූ ෆෝඞ් මහතා එවර එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ වි:20 ශූරතාව දක්වා කෙන්ට් පිල ගෙනයාමටද සමත් විය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ෆෝඞ් මහතා විසින් කරන ලද ප‍්‍රකාශය අවිශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැති බවත් යම් හෙයකින් ඔහු කණ්ඩායමෙන් ඉවත්ව යන්නේ නම්, ගිවිසුම් ප‍්‍රකාරව, ඒ බව මාස තුනකට පෙර දැනුම් දිය යුතු බවත්ය.
”කොහොම වුණත් දැන් ගෙවී යන්නේ එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ අවසන් කොටසයි. මේ තරග වාරයේදී ඔහු සරේ පිලට එක්වීමට ඉඩක් නෑ”
”ලබන ජනවාරියේදී (2014) ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වන නිසා ඉන් පස්සේ ඔහු කොයිවගේ තීරණයක් ගනීවිද කියලා අපට කියන්න බෑ” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
- දමින්ද විජේසූරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.