Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගා අගෝස්තුවේදී ටෙස්ට් පිටියෙන් සමුගනී

සංගා අගෝස්තුවේදී ටෙස්ට් පිටියෙන් සමුගනී

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරුවා වන කුමාර් සංගක්කාර මේ වසර මැදදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකදී සිය ටෙස්ට් දිවියෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. ‘කි‍්‍රක් ඉන්ෆෝ’ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡවකදී සංගක්කාර මේ බව හෙළිදරව් කර තිබේ.

පිට පිටම ලබාගත් ශතක තුනක්ද සමගින්, ලකුණු 372 ක් රැස්කරමින්, මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වී සිටින සංගක්කාර ලබන අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී සිය සමුගැනීම ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.

තවමත් 37 වැනි වියේ සිටින සංගක්කාර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 130 කදී ලකුණු 12,203 ක් ලබා සිටී. සංගක්කාරගේ ටෙස්ට් ලකුණු 12,203 ට ටෙස්ට් ශතක 38 ක් සහ අර්ධ ශතක 51 ක් ඇතුළත් වේ.   ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවා වන ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට (12 ක්) පමණක් දෙවැනි වී සිටින සංගක්කාර ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 11 කි.

දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැත්වෙන්නේ අයි. පී. එල්. තරගාවලියයි. එහෙත් මෙවර අයි. පී. එල්. තරගාවලියට සංගක්කාර කී‍්‍රඩා නොකරයි.

මේ වසරේ ජූනි - ජූලි මාසවලදී ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානු පිල ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එම තරගාවලියේ තරග තුනටම කී‍්‍රඩා කිරීමට සංගක්කාර සූදානමින් සිටී. එහෙත් ඉන් අනතුරුව, ජූලි - අගෝස්තු මාසවලදී ඉන්දීය පිලට එරෙහිව තවත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වේ. සංගක්කාර සමුගැනීමට සූදානම් වන්නේ එම තරගාවලියේදීය.


අදහස් (1)

සංගා අගෝස්තුවේදී ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.