අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (2013) ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර වසරේ එක්දින ක‍්‍රීඩකයා ලෙසද, මහේල ජයවර්ධන ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාම්ප‍්‍රදායික වටිනාකම් සහ ආචාර ධර්ම වඩාත් ආරක්‍ෂා කරන ක‍්‍රීඩකයා ලෙසද, නම් කර තිබේ.
කි‍්‍රකට් ලෝකයේ ඉතාමත් ප‍්‍රචලිත රූපවාහිනී වැඩසටහනක් වන අන්තර්ජාතික කි‍්‍රකට් සම්මාන ප‍්‍රදානෝත්සවය විකාශය වීමට පෙර, සම්මාන හිමිකරගත් ක‍්‍රීඩක ලැයිස්තුව නිලවශයෙන් අද (13 වැනිදා) නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලට සමාගාමීව නම් කළ ලෝක එක්දින පිලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාම්ප‍්‍රදායික වටිනාකම් සහ ආචාර ධර්ම වඩාත් ආරක්‍ෂා කරන ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. 2012 නොවැම්බර් මස නවසීලන්තයට එරෙහිව ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී මහේල ලකුණු 91 ක් ලබා සිටියදී දුන් විනිසුරු තීරණයකට දැක්වූ ප‍්‍රතිචාරය මෙම සම්මානයට හේතු වී තිබේ.
මෙම සම්මාන උළෙලේ ප‍්‍රධානතම සම්මාන වන වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි ‘ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් හිමිකර ගත්තේය. මයිකල් ක්ලාක් එම සම්මානයට අමතරව වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය.
ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් යමකුට අත්කරගත හැකි ඉහළම ගණයේ සම්මානයක් වන ‘මහජන සම්මානය’ හෙවත් වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයා සම්මානය ලැබීය.
ලෝක එක්දින කණ්ඩායම (පන්දුවට පහර දෙන අනු පිළිවෙළ අනුව)
තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව), ශිකර් ධවාන් (ඉන්දියාව), හෂීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව), මහේන්ද්‍ර සිං දෝනි (නායක සහ කඩුලූ රකින්නා - ඉන්දියාව), රවින්ද්‍ර ජඬේජා (ඉන්දියාව), සයිඞ් අජ්මාල් (පාකිස්තානය), මිචෙල් ස්ටාක් ( ඕස්ටේ‍්‍රලියාව), ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) සහ ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)
12 වැනි ක‍්‍රීඩකයා - මිචෙල් මැක්ලෙනගන් (නවසීලන්තය)
ලෝක ටෙස්ට් කණ්ඩායම (පන්දුවට පහර දෙන අනු පිළිවෙළ අනුව)
ඇලිස්ටෙයාර් කුක් (නායක - එංගලන්තය), චෙටෙස්වාර් පුජාරා (ඉන්දියාව), හෂීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), මයික් හසී ( ඕස්ටේ‍්‍රලියාව), ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව), මහේන්ද්‍ර සිං දෝනි (කඩුලූ රකින්නා - ඉන්දියාව), ගේ‍්‍රම් ස්වෝන් (එංගලන්තය), ඬේල් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව), ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) සහ වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව)
12 වැනි ක‍්‍රීඩකයා - රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (ඉන්දියාව)
2013 වසරේ සම්මාන ලැබූ ක‍්‍රීඩකයෝ:
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.