Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගා - මුරලි සර්වකාලීන කණ්ඩායමට

සංගා - මුරලි සර්වකාලීන කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

1975 සිට මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි අතරින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් තෝරාගෙන ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ඇතුළත්ව සිටිති. එම ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ට හිමිවී තිබේ.

1992 දි පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය පරාජය කරමින් ලෝක කුසලාන දිනාගැනීමට ඉම්රාන් ඛාන් පාකිස්තානයට නායකත්වය දුන්නේය.

මෙම කණ්ඩායමට 5 වරක් ලෝක කුසලාන දිනාගත් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 4 ක් ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩකයෝ දෙදෙනා බැගින් ඇතුළත් ව සිටිති. ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ලෝක කුසලානයක් දිනාගත් කණ්ඩායමක සාමාජිකයන් නොවූ කුමාර් සංගක්කාර සහ ලාන්ස් ක්ලූස්නර් මෙම කණ්ඩායමට ඇතුළත්වීම විශේෂත්වයක් වන අතර අනෙක් සියලුම ක්‍රීඩකයෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට දායකත්වය දුන් ක්‍රීඩකයෝ වෙති.

පාට ඇදුමින් ක්‍රීඩා නොකළ එකම ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියේජනය කළ විවියන් රිචඞ්ස් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටී. 1975 පැවැති ලෝක කුසලාන අවසන් තරගයේදී දුවද්දී දැවීයාම් 3 කට දායකත්වය දැක්වූ විවියන් රිචඞ්ස් 1979 පැවැති ලෝක කුසලාන අවසන් තරගයේදී නොදැවී ශතකයක් ලබාගනිමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.


සර්වකාලීන ලෝක කුසලාන කණ්ඩායම
ඇඩම් ගිල්ක්‍රිස්ට් (කඩුලු රකින්නා), සචින් තෙන්ඩුල්කාර්, රිකී පොන්ටින්, විවියන් රිචඞ්ස්, කුමාර් සංගක්කාර, ඉම්රාන් ඛාන් (නායක), ලාන්ස් ක්ලූස්නර්, වසීම් අක්‍රම්, ෂේන් වෝන්, මුත්තයියා මුරලිදරන්, ග්ලෙන් මැක්ග්‍රාත්.

 


අදහස් (0)

සංගා - මුරලි සර්වකාලීන කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.