Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගක්කාර - කෞෂාල් ශතක සම්බන්ධතාවක

සංගක්කාර - කෞෂාල් ශතක සම්බන්ධතාවක

Dilrukshi - 2015 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කෞෂාල් සිල්වා (නොදැවී 80)  සහ කුමාර් සංගක්කාර (50) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ශතක සම්බන්ධතාව නිසා පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය.

සංගක්කාර ලකුණු 14 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමට ගොස් යන්තමින් සිය කඩුල්ල බේරා ගත්තේ මීටර එක හමාරක් පමණ ඈත සිට තම සීමා ඉර දෙසට පැනීමෙනි. වහබ් රියාස් දමාගැසූ පන්දුව යම්හෙයකින් කඩුල්ලේ වැදුණේ නම් සංගක්කාරගේ ඉනිම එතැනින් නිමා වන්නට තිබිණ.

එයින් පන්දු 8 කට පසුව යසීර් ෂාගේ පන්දුවක් සංගක්කාරගේ පිත්තේ ගැටී සිලි මිඞ්  ඕන්හි සිට අසාර් අලි වෙත ඇදී ගියද අලි අතින් එම උපන්දුවත් ගිළිහී ගියේය.

දෙවරක්ම වාසනාව උදාවූ නමුත් සංගක්කාරට ලබාගත හැකිවූයේ ලකුණු 50 ක් පමණි. පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් ශතක 10 ක් ලබාගෙන සිටින සංගක්කාර, සිය 52 වැනි ටෙස්ට් අර්ධ ශතකයෙන් පසුව ඩ‍්‍රයිව් පහරක් ගැසීමට යාමේදී යුනිස් ඛාන්ට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.

කෞෂාල් සිල්වා අවස්ථා කිහිපයකදීම පේ‍්‍රක්‍ෂකාගාරයේ සිටියවුන්ගේ නළලත රැුළි නැංවෙන පරිදි කඩුලූ අතර දිවගිය නමුත් සංගක්කාර දැවී යාමට පෙර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 112 ක් වී තිබිණ.

කිසිදු කලබලයකින් තොරව, හීන්සීරුවේ තමන්ගේ ගමන යමින් සිටි කෞෂාල් සිල්වා, අද ලබාගත්තේ සිය 8 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. එය පාකිස්තානුවන් හමුවේ කෞෂාල් ලබාගත් පස්වැනි ටෙස්ට් අර්ධ ශතකයද විය. පැය හතර හමාරක් තිස්සේ කඩුල්ල රැුකගත් කෞෂාල් පන්දු 192 කට මුහුණ දෙමින්, සිය අපරාජිත ඉනිම අලංකාර හතරේ පහර 12 කින් සරසා තිබිණ.

තරගයේ මුල් දිනය වූ ඊයේ (17 වැනිදා) සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර අද පෙරවරුවේදී කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක මිස්බා උල් හක්,  දින දෙකක් වසා තිබූ තණතීරුවකදී හැකිනම් කඩුලූ රැුකගන්න’යි ශී‍්‍ර ලංකා පිලට අභියෝග කරමින් පළමුව පන්දුවට පහර දීමේ වාරය ශී‍්‍ර ලංකා පිලට පැවරීය. එහෙත් අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලබාගැනීමට තම පන්දු යවන්නන් අපොහොසත් වූ බව තේ පානය වන විටත් පාකිස්තානු නායකයාට වැටහී තිබිණ.

පැයට කිලෝ මීටර 140 ඉක්මවන වේගයකින් පන්දු යැවූ වහබ් රියාස් කඩුලූ 2 ක් දවාගත්තද ඔහුගේ පන්දුවල නිසි ඉලක්කය දක්නට නොතිබිණ.

තරගය ආරම්භ කරමින්, වහබ් රියාස් විසින් යවන ලද පළමු  ඕවරයේ තුන්වැනි පන්දුවට දිමුත් කරුණාරත්න දුන් පහසු උඩපන්දුව පළමු ස්ලිප් හි සිටි මොහොමඞ් හෆීස් ඉතා පහසුවෙන් රැුකගත්තේය. එහෙත් එය නිපන්දුවක් වූයෙන් කරුණාරත්නට තවත් වේලා කඩුල්ලේ රැුඳී සිටීමට වාසනාව තිබිණ. පසුව රියාස්ගේ පන්දු යැවීමේ අන්තය මාරු කළ පාකිස්තානු නායකයා ශී‍්‍ර ලංකා පිලේ පළමු කඩුල්ල දවාගත්තේ දිමුත් කරුණාරත්නගේ අපරික්‍ෂාකාරී පුල් පහරක් වැරදී යාම හේතුවෙනි.

කෞෂාල් සිල්වා ලකුණු 6 ක් ලබා සිටියදී ගැසූ බැක් කට් පහරකින් බැක්වර්ඞ් පොයින්ට්හි සිටි යසීර් ෂාට පහසු උඩපන්දුවක් ලැබුණද පාකිස්තානුවාගේ දෑත් අතරින් රිංගා ගිය පන්දුව ඔහුගේ දණහිසේ වැදීමෙන් පසුව බිම වැටුණේය. වහබ් රියාස් දෙවැනි වතාවටත් අවාසනාවන්ත පන්දු යවන්නකු විය.

තරගයේ ආරම්භය අද උදෑසනත් ප‍්‍රමාද වූයේ අවිනිශ්චිත අහස් කුස හේතුවෙන් තණතීරු ආවරණ ඉවත් නොකිරීමට කී‍්‍රඩාංගණ බලධාරීන් ප‍්‍රවේසම් වූ හෙයිනි.

පෙරවරු 10.00 වන විට කී‍්‍රඩාංගණයේ සියලූම ආවරණ ඉවත් කර විනිසුරුවරුන්ට පිටිය බාර දුන් අතර දහවල් 12.00 ට තරගය ආරම්භ වූයේ අද දිනය තුළ  ඕවර 72 ක් යැවීමේ නියෝගය දෙපිළේම නායකයන්ට නිකුත් කරමිනි. ඒ නැවත වරක් වර්ෂාවෙන් බාධා ඇතිනොවේය යන උපකල්පනය මතය.

කෙසේ වෙතත් වේග පන්දු යවන්නන් කි‍්‍රයාත්මක වූ හෙයින් මෙන්ම අලෝක තත්ත්වයද අයහපත් වූ හෙයින් අපේක්‍ෂිත වේලාවට වඩා විනාඩි 15 ක් කලින් කී‍්‍රඩාව නතර කිරීමට සිදුවිය.

 

ශ්‍රී ලංකා - පාකිස්තාන තරගයේ සජීවී ලකුණු පුවරුව

ඡායාරූපය ශාන්ත රත්නායක


අදහස් (0)

සංගක්කාර - කෞෂාල් ශතක සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.