ඉදිරි වසරක කාලය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා වශයෙන් ටෙස්ට් කී‍්‍රඩක උපුල් තරංග නම්කරනු ලැබ ඇත. ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කි‍්‍රයාත්මක වන පරිදි නම් කරන ලද ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට කී‍්‍රඩකයෝ 24 ක් ඇතුළත් වෙති.
ලබන වසර ආරම්භයේදී එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත අතර වසර 2014 දී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලිය කිහිපයකටම සහභාගි වීමට නියමිතය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය
උපුල් තරංග (නායක), උදාර ජයසුන්දර, ෂෙහාන් ජයසූරිය, මහේල උඩවත්ත, පබසර වඩුගේ, ඇන්ජලෝ පෙරේරා, මාධව වර්ණපුර, ධනුෂ්ක ගුණතිලක, අශාන් පි‍්‍රයන්ජන්, රොෂේන් සිල්වා, රොමේෂ් බුද්ධික, භානුක රජපක්‍ෂ, නිරෝෂන් දික්වැල්ල, ගයාන් මනීෂාන්, චතුරංග ද සිල්වා, තරිඳු කෞෂාල්, චතුර රන්දුනු, අඛිල ධනංජය, ඉෂාන් ජයරත්න, විමුක්ති පෙරේරා, කනිෂ්ක ඇල්විටිගල, ළහිරු ගමගේ. ළහිරු ජයරත්න සහ චරිත් ජයම්පති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.