අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් අයර්ලන්තයේදී අද (1 වැනිදා) අවසන් වූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගමාලාවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සම ශූරතාව දිනා ගත්හ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගයේ අතිරේක දිනය වූ ඊයේ (01) පැවැති වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ද, නෙදර්ලන්තය සහ අයර්ලන්තය අතර තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම ද, 2014 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
පාකිස්තානු පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 112 (නයින් අබිඩි 45, බිස්මහ් මාරුෆ් නොදැවී 35, චන්දිමා ගුණරත්න 7/2, චමනි සෙනෙවිරත්න 25/2)
ඡයාරූපය : ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල කුසලාන සමග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.