Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිවුදින තරගයෙන් ලකුණු 75 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම, දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත සිවුදින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 276 කට සීමා කිරීමට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රොහාන් සංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ඉනිමේදී ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ සංජය, දෙවැනි ඉනිමේදීද ලකුණු 96 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. එහිදී ඔහුට අනගි සහයක් දුන් සඳුන් මෙන්ඩිස් ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
තෙවැනි දිනය වූ පෙරේදා (25 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 75 ක් ලබා සිටි බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ අවසන් දිනය වූ ඊයේ (26 වැනිදා) සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 201 ක් එක්කර ගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ අක්බර් අලී පන්දු 113 කදී ලකුණු 90 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ඔහු ශතකය පෙනි පෙනී දැවී ගියේ රොහාන් සංජයගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.
නම වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහමදුල් හසන් ජෝයි (26) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 124 කදී ලකුණු 66 සම්බන්ධතාවක් ගොඩනැගීමටද අක්බර් සමත් වූ අතර චමිඳු විජේසිංහගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් හසන් ජෝයි දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.