Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නවසීලන්තයෙන් බැට

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නවසීලන්තයෙන් බැට

Nisanka Sandeepani - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය වොලිංටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (16 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුල්ලු 2 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටියේය. ඒ අනුව නවසීලන්ත ක්‍රීඩකයෝ තවත් කඩුලු 8 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 29 ක් ඉදිරියෙන් සිටිති. 

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 121 ක්ද, රොස් ටේලර් ලකුණු 50 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 90 කි. 
 
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකය ලබාගත් ලේතම්, එය හතරේ පහර 11 කින් අලංකාර කළ අතර ටේලර්ගේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය. 
 
මුලු ලකුණු සංඛ්‍යාව 59 ක් වන විට නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජීත් රාවල් පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සමත් විය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රාවල් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් ලබා සිටියේය. 
 
ලේතම් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක කේන් විලියම්සන් සමත් විය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ඔහු පන්දු 93 කදී ලකුණු 91 ක් රැස්කළේ හතරේ පහර 10 ක්ද සමගිනි. ශතකය පෙනි පෙනී සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩ පන්දුවක් දෙමින් විලියම්සන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. 
 
පළමු දිනය වූ ඊයේ (15 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස්කළ අතර එය ඔහුගේ 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. 
 
අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු කුමාර ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමටත් පෙර ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්විය. ළහිරුගේ කඩුල්ලත් සමගින් තමා පළමු ඉනිමේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ දමාගැනීමටද සවුති සමත් විය. 
 

 

2

3

A

ඡායාරූප - ඒ.එෆ්.පී ඇසුරෙනි 

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නවසීලන්තයෙන් බැට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.