Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පිල පරාජය අභියස

ශ්‍රී ලංකා පිල පරාජය අභියස

Nisanka Sandeepani - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වොලිංටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (17 වැනිදා) නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳවැටී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය. 
 
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 276 ක් පසුපසින් සිටියි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් ලකුණු 5 ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 
 
මුලු ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ධනුෂ්ක ගුණතිලක (3) පිටියෙන් ඉවත්කර යැවීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා (0), ආපයින්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටිම් සවුති සමත් වූයේ ඔහුගේ කඩුල්ල බිඳ දමමිනි. 
 
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් දිමුත් කරුණාරත්නටද දෙවැනි ඉනිමේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට සවුති ඉඩක් ලබා නොදුන් අතර ටේ‍රන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට දිමුත් ලබා සිටියේ ලකුණු 10 ක් පමණි.  
 
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 578 ක් ලබාගත් අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිතර වූ ටොම් ලේතම් (264), සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමගිනි. 
රොස් ටේලර් (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලේතම්, ඉන් නොනැවතී හෙන්රි නිකෝල්ස් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 114 ක්ද, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (49) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 73 ක්ද එක්කරමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 
 
දෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 267 ක් එක්කර ගත්හ. අද දිනයේ යැවූ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී රොස් ටේලර් දවාගත් ළහිරු කුමාර නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්කළේය. 
 
හතරේ පහර 6 ක් සමග සිය 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හෙන්රි නිකොල්ස්ද පිටියෙන් ඉවත්ව ගියේ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩ පන්දුවක් දෙමිනි. තරමක් වේගයෙන් පන්දුවට පහරදුන් කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 53 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනී ඔහු දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි. 
 


QQQQ

tytytyty

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා පිල පරාජය අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.