Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටි 25ක අයිරාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටි 25ක අයිරාවක් ඉල්ලයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 250 ක් හෙවත් කෝටි 25 ක බැංකු අයිරාවක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් එම රාජ්‍ය බැංකුවේ මූලස්ථානයට පැමිණ අද (31) ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම ඇති භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා සහභාගි වී නොමැති බවත් ඒ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර ගණනාවක් මුදල් බාරව කටයුතු කළ වර්තමානයේ මූල්‍ය කමිටුව නියෝජනය කරන නිලධාරීයකු මේ සඳහා සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 200 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 2000 ක ලාභයක් ලැබූ බව පසුගිය මාර්තු මස මුලදී නිවේදනය කර තිබුණි. එවැනි තත්ත්වයක් මත කෝටි 25 ක බැංකු අයිරාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව ගැටලු සහගතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ පැවැත්වූ වාර්ෂික මහ සභාව සඳහා රුපියල් ලක්ෂ 250 ක පමණ මුදලක් වැය කර ඇති බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් මේ වන විටත් නිලධාරීන් කීප දෙනකු ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ගොස් ඇති අතර තවත් රැසක් ඉදිරියේදී පිටත්ව යෑමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටි 25ක අයිරාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.