Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලට දඩ

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලට දඩ

ශනුක අරවින්ද - 2019 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව අද (3 වැනිදා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත වේලාව තුළ ඕවර 50 යවා නිම කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව නායක ලසිත් මාලිංගට සිය තරග ගාස්තුවෙන් 20% ක මුදලක්ද, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 10% ක මුදල බැගින්ද දඩ ලෙස ගෙවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව නියම කර තිබේ.

අද සිට ඉදිරි මාස 12 ක කාලය තුළ මාලිංගගේ නායකත්වය යටතේ යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වේලාව තුළ ඕවර 50 යවා නිම කිරීමට අපොහොසත් වුවහොත් මාලිංගට එරෙහිව තරග තහනමක් පැනවෙනු ඇත.

මෙම තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තවත් එක්දින තරග 2 ක් සහ විස්සයි20 තරගයක් පැවැත්වීමට නියමිතය.
 
-036


අදහස් (0)

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.