Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය ජය පරාජයෙන් තොරයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස්ගේ (නොදැවී 141) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 120) විශිෂ්ට පිතිහරඹය හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 0-0 ක් ලෙස සම තත්වයේ පවතී.
 
දිවා ආහාරයට තරගය නතර කරනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 287 ක් රැස්කර සිටියේය. දිවා ආහාරයෙන් පසුව ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර එරට වේලාවෙන් පස්වරු 4 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
 
තරගය අවසන් කරනවිට කඩුලු 7 ක් අතැතිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 9 ක් පසුපසින් සිටියේය. 
 
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් මිනිත්තු 455 ක පමණ කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 335 කදී හතරේ පහර 16 ක් සමගින් නොදැවී ලකුණු 141 ක් රැස්කිරීමට සමත්විය. අනෙක් අන්තයේ කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් තරගය ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීම සදහා කුසල් මෙන්ඩිස්ට අනගි සහයක් ලබාදුන්  ඇන්ජලෝ මැතිව්ස් මිනිත්තු 447 ක කාළයක් කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 323 කට මුහුණදුන් මැතිව්ස් හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 120 ක් රැස්කිරීමට සමත්විය.
 
සිවුවැනි දිනට ඊයේ (18 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 3 කට ලකුණු 259 ක් රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගය ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා අද පිටියට පිවිසීමට නියමිතව සිටියද උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 150 ක පමණ කාලයක් පමාවිය.
 
වර්ෂාවෙන් පසුව දිවා ආහාරය ලබාගන්නා තෙක් පැයක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට විනිසුරුවන් තීරණය කළද දිවා ආහාරයට තරගය නතර කිරීමට මිනිත්තු 7 කට පෙර වර්ෂාව ඇතිවීම හේතුවෙන් පළමු භාගය කලින්ම අවසන් කිරීමට සිදුවිය.
 
එම කාළය තුල ඕවර 13 ක් යැවූ අතර එහිදී කඩුල්ලක් ලබානොදෙමින් ලකුණු 28 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.
දෙවැනි ටෙස්ට් තරගය මෙම මස 26 වැනිදා ක්‍රිස්ට්චර්ච් හිදී ආරම්භවීමට නියමිතව ඇත.
 
in-1
 
in-2
 
ඡායාරූප - ඒ එෆ් පී ඇසුරෙනි 

අදහස් (0)

ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.