පිටේ වම් පසේ මස් පිඬු ඇදීමකට ලක්වීම නිසා එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ට මේ දිනවල සිය මවු රටේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අහිමිවනු ඇතැයි වාර්තා වේ. තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (1 වැනිදා) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති බංග්ලාදේශ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේදී වෝක්ස් මෙම ආබාධයට ලක්ව තිබේ.
“වෝක්ස්ගේ පිටේ වම් පසේ මස් පිඩු ඇදීමකට ලක්වෙලා තියෙනවා කියලා ස්කෑන් පරීක්ෂණයකින් හෙළිවුණා. මෙම තත්ත්වය නිසා ඔහුට ශූරයන්ගේ තරගාවලියේ ඉතිරි තරග වලට සහභාගි වෙන්න ලැබෙන්නේ නෑ.” යැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් මාධ්‍යයට පැවසීය.
බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ වෝක්ස්ට එහිදි යැවිය හැකි වූයේ ඕවර 2 ක් පමණි. එම ඕවර දෙකේදී ප්‍රතිවාදීන්ට ලකුණු 4 ක් පමණක් ලබාදුන් ඔහු දෙවැනි ඕවරය නිමා වූ විගස ආබාධ තත්ත්වයෙන් පීඩා විඳීම නිසා ආපසු ක්‍රීඩාගාරය බලා ගියේය.
මේ වන විට 28 වැනි වියේ පසුවන වොක්ස්, එක්දින තරග 63 කදී සහභාගි වී ඇති අතර එහිදී ලකුණු 800 ක් රැස්කිරීමට සහ කඩුලු 89 ක් දවාගැනීමට සමත්ව තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.