ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ගේ ආදේශකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ස්ටීවන් ෆින් කණ්ඩායමට කැඳවීමට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.
මේ මස 1 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පිටේ වම් පසේ මස් පඬුවක් ඇදීමකට ලක්වීම නිසා ක්‍රිස් වෝක්ස්ට ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
මේ වන විට 28 වැනි වියේ පසුවන ස්ටීවන් ෆින්, එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් අතරේ 32 වැනි ස්ථානයේ රැදී සිටින අතර මේ දක්වා එක්දින තරග 68 කට සහභාගි වී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 102 කි.
මෙම තරගාවලියේදී ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් අනුමැතිය ලබාගත යුතුය.
ජෙෆ් ඇලඩයිස් (සභාපති), කැම්බල් ජැමීසන්, ස්ටීව් එල්වර්ති, ඇලන් ෆෝර්ධාම්, සෞරව් ගංගුලි සහ මිචෙල් ස්ලැටර් යන අය මෙම තරගාවලියේ තාක්ෂණික කමිටුවට එක්ව සිටිති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.