Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වේග පන්දු යවන්නන් වාස්ට බාරදෙයි

වේග පන්දු යවන්නන් වාස්ට බාරදෙයි

Nisanka Sandeepani - 2017 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දිය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන්නකු සහ පුහුණු උපදේශක වරයකු ලෙස කටයුතු කළ චමින්ද වාස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21 වැනිදා) තීරණය කර තිබේ. 

වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චම්පක රාමනායක මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදිම හේතුවෙන් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. පුහුණුකරු තනතුරෙන් ඉවත්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශයේ පුහුණුකරු තනතුරක් බාරගැනීමට නියමිතව ඇත. 

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පන්දු යැවීමේ විශේෂ උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වූ චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ සංවර්ධන සංචිතය සදහා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් සෙවිමට කටයුතු කළේය. 2013 වසරේ සිට 2015 වසරේ අප්‍රේල් මාසය තෙක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන්ද වාස් මහතා කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සාර්ථකම වේගපන්දු යවන්නා වූ චමින්ද වාස් මහතා ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක් සහ එක්දින තරග 322 කදි කඩුලු 400 ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ චමින්ද වාස් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

2011 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් පත්වූ දකුණතින් වේගපන්දු යැවූ චම්පක රාමනායක මහතා ඊයේ වනතුරුම එම තනතුරේ රැඳී සිටියේය. 

වයස 52 ක් වූ රාමනායක මහතා ටෙස්ට් තරග 18 කදි සහ එක්දින තරග 62 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.

 

 


අදහස් (0)

වේග පන්දු යවන්නන් වාස්ට බාරදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.