කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද පැවැති වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ජෝන් කීල්ස් කණ්ඩායම ලකුණු 133 කින් පරාජය කළ මාස් යුනිචෙලා කී‍්‍රඩකයෝ එහි ශූරතාව දිනාගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් මාස් යුනිචෙලා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 251 ක් රැස්කළ අතර සවස් යාමයේ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවට පෙර තරගය නතර කරන විට ජෝන් කීල්ස් පිල, ඕවර 23.3 කඩුලූ 8 ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියේය. එහෙත් බිඳවැටී තිබුණ කඩුලූ සංඛ්‍යාව අනුව තරගය ජයැගැනීමට නම් 23 වැනි ඕවරය නිමා වන විට ජෝන් කීල්ස් පිල ලකුණු 222 ක් ලබා සිටිය යුතු විය.
යුනිචෙලා පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් තම තුන්වැනි ඕවරයේදීම ෂෙහාන් ජයසූරිය දවාගනිමින් ජෝන් කීල්ස් පිල වෙත පීඩනය වැඩිකළේය. මුහුණ දුන් දෙවැනි පන්දුවටම ඉදිරියට පැන පහරක් ගැසීමට ෂෙහාන් උත්සුක වුවද ඩිල්ෂාන් විසින් යවන ලද පන්දුව කඩුල්ලේ වැදීම නිසා ෂෙහාන් ලකුණු නොලබා දැවී ගියේය. මඳ වේග පන්දු යවන කී‍්‍රඩක ළහිරු ජයරත්න සහ වමතින් ද`ග පන්දු යවන සොහාන් බොරලැස්ස කඩුලූ දෙකක් බැගින් දවාගත්හ.
ඕවර 32 ක් තුළදී ලකුණු 131 කට කඩුලූ 6 ක් දැවී අසරණ වී සිටි මාස් යුනිචෙලා පිල වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ චාමර සිල්වා (79) සහ ඩිල්රුවන් පෙරේරා (නොදැවී 45) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ලකුණු 250 සීමාව කරා යාමට තම පිලට මාවත විවර කර දුන්හ. මෙම ලකුණු 96 ක සම්බන්ධතාව පන්දු 80 කින් පැමිණි අතර චාමර සිල්වා පන්දු 94 කින් ලකුණු 79 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. පන්දු 56 කින් ගලා ආ ඩිල්රුවන්ගේ ලකුණු 45 ට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනාගෙන් ඩිල්ෂාන් ලකුණු 8 කට දැවීගිය හෙයින් සුපුරුදු ප‍්‍රවේගකාරී පිතිහරඹය පසෙක තබා තම කණ්ඩායම වෙනුවෙන් වගකීමෙන් යුත් ඉනිමක් කී‍්‍රඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 65 කින් ලබාගත් ලකුණු 54 ට ඇතුළත් වූයේ හතරේ පහර 3 ක් පමණි.
මාස් යුනිචෙලා - ඕවර 50 ක දී කඩුලූ 9 ක් දැවී 251
(කුසල් ජනිත් පෙරේරා 54, චාමර සිල්වා 79, ඩිල්රුවන් පෙරේරා 45, ඉෂාන් ජයරත්න 53/2, කනිෂ්ක ඇල්විටිගල 63/3, ෂෙහාන් ජයසූරිය 15/2)
ජෝන් කීල්ස් - ඕවර 23.3 කදී කඩුලූ 8 ක් දැවී 89
(දිමුත් කරුණාරත්න 16, දෙනුවන් රාජකරුණා 25, භානුක රාජපක්‍ෂ 14, මිලින්ද සිරිවර්ධන 10, ළහිරු ජයරත්න 23/2, සොහාන් බොරලැස්ස 04/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.