Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වෙලින්ටන්හි හරිත තණතීරුවක්

වෙලින්ටන්හි හරිත තණතීරුවක්

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව වියළි තණ තීරුවක ක්‍රීඩාකිරීමෙන් වෙහෙසට පත්වූ නවසීලන්ත ක්‍රීඩක ටිම් සවුති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා හරිත පැහැ තණතීරුවක් වෙන් කිරීම සම්බන්ධව බොහෝ සතුටට පත්ව ඇත. එහෙත් වෙලින්ටන් තණතීරුව පෙනෙන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවද සවුති කියයි. 

නවසීලන්තයේ බොහෝ ඵෙතිහාසික ක්‍රීඩාංගණයක් වන ‘බේසින් රිසව්’ ක්‍රීඩාංගණයේදී අනිද්දා (15 වැනිදා) ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගය ආරම්භ වෙයි. මෙම ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම වේගපන්දු පන්දු යවන්නන්ගේ දක්ෂතා උරගා බැලීමට කලින්ම ඉදිරිපත් වනු ඇත. එය ඒ තරමටම වේග පන්දු යවන්නන්ට වාසිදායක ක්‍රීඩාංගණයකි. 

කෙසේ වෙතත් නීල් වැග්නර් නොකඩවා යැවූ කෙට් පන්දු හමුවේ පසුගිය දෙසැප්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට නවසීලන්තය සමත්වූවද 2017 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ජේ.පී.ඩුමිනි සහ කේෂව් මහරාජ් නවසීලන්ත පළමු ඉනිම විනාශ කර දැමූහ. එහෙත් අවාසනාවකට මෙන් කේෂව් මහාරාජ් හෝ ජේ. පී. ඩුමිනි වැනි ක්‍රීඩකයන් වත්මන් ශ්‍රී ලංකා පිලේ නැත. 

යන්තම් හෝ බලාපොරොත්තු රඳවාගත හැක්කේ ඩිල්රුවන් පෙරේරා කෙරේ පමණි. 

මාස දෙකකට පෙර බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්සන් පළමු පන්දු රැකීමට තීරණය කළද මුෂ්ෆිකූර් රහීම් කඩුලු 8 කට ලකුණු 595 ක් රැස්කර ඉනිම අත්හිටුවන තෙක් දැඩි වෙහෙසක් දැරීමට නවසීලන්ත පන්දු යවන්නන්ට සිදුවිය.

“අපට හුරු පුරුදු තත්වයන් හමුවේ නැවත ක්‍රීඩාකිරීමට ලැබීම සතුටක්” යැයි සවුති මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 

“අපි මීට ඉස්සරවෙලා (තරගාවලිය) ක්‍රීඩා කළේ වේග පන්දු යවන්නන්ට ඒ තරම් හිතකර තැනක නෙමේ. ඒත් මේක නම් අපට වසන්තය උදා වෙලා වගේ කියලා හිතෙනවා....තණතීරුවේ තණකොළ තිබීම වඩාත් හොඳයි. නමුත් අපි දන්නේ නෑ තරගය අවසන් වනතුරු කුමක් වෙයිද කියලා. තණතීරුව පන්දු යවන්නන්ට යෝග්‍යවනවා සේම පිතිකරුවන්ට යෝග්‍ය වෙන්න පුලුවන්” යයිද සවුති පැවසීය.

නව පුහුණුකරු ගැරී ස්ටීඞ් යටතේ තම රටේදී සහභාගීවන තරග 2 කින් සමන්විත පළමු ටෙස්ට් තරගාවලිය වුවද වසර 50 කට පසුව තම රටෙන් පිටතදී පාකිස්තානය පළමු වරට පරාජය කිරීමට හැකිවීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම සිටින්නේ ඉතාමත් ඉහළ විශ්වාසනීයත්වයකිනි. 

 


අදහස් (0)

වෙලින්ටන්හි හරිත තණතීරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.