අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ බලය බෙදීම සහ මූල්‍ය ප‍්‍රතිපාදන බෙදීමේ නව ක‍්‍රියාදාමය සඳහා අකමැත්ත පළ කර පකිස්තාන් ක‍්‍රිකට් ආයතනය ලබන මස පැවැත්වෙන මහ සභාවේදී ඒ වෙනුවෙන් සිය කැමැත්ත ප‍්‍රකාශ කරන බව දන්වා සිටියි.
ඉන්දියාවට, ඔස්ටේ‍්‍රලියාවට සහ එංගලන්තයට වැඩි බලයක් සහ මූල්‍ය වාසි හිමිවන මෙම නව ක‍්‍රමවේදය සඳහා ටෙස්ට් වරම් හිමි සියලූම රටවල් කැමැත්ත පළ කර සිටියද ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය පමණක් ඒ සඳහා පසුගිය කාලයේදී විරුද්ධව අදහස් පළ කර සිටියේය. එහෙත් නව පකිස්තාන් ක‍්‍රිකට් සභාපති නජාම් සෙත්ති සියලූ පාර්ශව සමග සාකච්ඡ පැවැත්වීමෙන් පසුව අයි.සී.සී. නව සැලැස්මට කැමැත්ත පළකරන බව දන්වා සිටියි.
අදාළ අයි.සී.සී. නව සංශෝධන සඳහා කැමැත්ත ලබා ගැනීමේ මහ සභාවක් ඉකුත් පෙබරවාරි මස 8 වැනිදා පැවැති අතර එහිදී ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය ඡන්දය දිමෙන් වැලකී සිටි අතර පළමුව අකමැත්ත පළ කර සිටි දකුණු අප‍්‍රිකාව එහිදි කැමැත්ත ප‍්‍රකාශ කර සිටියේය.
ඒ අනුව තවදුරටත් අකමැත්ත පල කර සිටීමෙන් දේශපාලන සහ ආර්ථික වශයෙන් පකිස්තාන් ක‍්‍රිකට් කී‍්‍රඩාවට හානියක් මිස කිසිදු හොඳක් සිදු නොවනු ඇතැයි විශ්වාස කරමින් පකිස්තාන් ක‍්‍රිකට් ආයතනය අයි.සී.සී. යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර තිබේ.
”මේක අපේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයක්”
”දැන් අපි විතරයි විරුද්ධ වෙලා ඉන්නෙ. මේකට කලබල වෙලා වැඩක් නැහැ. කෙසේ වෙතත් අපි අපේ ඉදිරිය ගැන සැලසුම් සකස් කළ යුතුයි. අපිට ගොඩක් මුදල් ලැබෙන්නෙ ඉන්දියාව සමග පවත්වන ක‍්‍රිකට් තරගවලින්. ඉදිරියේදී අපි ඉන්දියාවත් සමග තරගාවලි කිහිපයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරනවා”
”ලබන මසදී පැවැත්වෙන අයි.සී.සී. මහ සභාවේදී අපේ කැමැත්ත ප‍්‍රකාශ කරනවා.’ යනුවෙන් නජාම් සෙත්ති පවසයි.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.