විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාව, මෙම අලංකාර කී‍්‍රඩාවට හෙණගෙඩියක් යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග පවසයි. ඉන්දියාවේ මුම්බායි නුවර ප‍්‍රකාශයට පත්කෙරෙන ‘මිඞ් ඬේ’ පුවත්පත හා කෙටි පිළිසඳරකට එක්වෙමින් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකපා පවසා ඇත්තේ වි:20 කි‍්‍රකට් කී‍්‍රඩාව මගින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ දක්ෂතා, ක‍්‍රමවේද හා ආචාර ධර්ම යන මේ සියල්ල දැනටමත් විනාශ කර අවසන් -බවයි.
කි‍්‍රකට් ලෝක කුසලාන, 1996 වසරේදී ශී‍්‍ර ලංකාවට දිනා දුන් හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම් නායකයා සිය පණස් වැනි උපන්දිනය (2013 දෙසැම්බර් 1 දා) සමරමින් පැවසුවේ සිය කි‍්‍රකට් දිවියේ විජයග‍්‍රාහීම මොහොත ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ලෝක කුසලාන දිනාගත් අවස්ථාව බවයි.
යන්තම් 18 හැවිරිදි වියේ සිටියදී සිය මංගල ටෙස්ට් තරගයට කිී‍්‍රඩා කළ අර්ජුන, ප‍්‍රතිවාදී එංගලන්ත පිලේ ඉයන් බොතම්,බොබ් විල්ස්, හා ඩෙරික් අන්ඩර්වුඞ් වැනි ප‍්‍රබලයන් හමුවේ අර්ධ ශතකයක් ලබාගත් බව බොහෝ දෙනාට අමතකය ඇති බවටද සැකයක් නැත. එක්දින කි‍්‍රකට් කී‍්‍රඩාවේත් ප‍්‍රබලයකු වූ නමුත් අර්ජුන එදා සිටම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රබල ආධාරකරුවෙකු ලෙස පෙනී සිටින්නෙකු බවද සදහන් කළ යුතුය.
මහනුවරදී පැවැත්වෙන ශී‍්‍ර ලංකාවේ බෞද්ධ පාසල් අතර පැවැත්වෙන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ කි‍්‍රකට් තරගාවලියේදී වයස අවුරුදු 40 ට වැඩි ආදි සිසුන් අතර පැවැත්වුණු ඕවර 12 කි‍්‍රකට් තරගයට සහභාගී වී සිටි අර්ජුන, අවුරුදු ගණනකට පසුව පිත්ත අතට ගෙන සිටිනු දැක ගත හැකි විය.
ඉන්දියාවේ ‘මිඞ් ඬේ’ පුවත්පත සමග ඔහු කළ සාකච්ඡාව මෙසේය.
ඔබට දැන් වයස අවුරුදු 50 ක්. කොහොමද දැනෙන්නේ?
මම ඇත්තටම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. ඒත් මට පිළිගන්න වෙනවා මම වයසට යනවා කියලා. මොනවා කරන්නද (සිනාසෙයි)
ඔබ මේ විශේෂ දිනය සමරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
මම නුවර පන්සල් වල පැවැත්වෙන ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වෙමින් දැනට සිටින්නේ. අද දිනයේ මම සහභාගී වුණා 40 වඩා වැඩි අය වෙනුවෙන් පැවැත්වුනු කි‍්‍රකට් තරගයකට. එය වසරක් පාසා පැවැත්වෙන්නක්.
කි‍්‍රකට් නැති තනිය ඔබට දැනෙනවාද?
අපොයි වැඩිය නැහැ. මම ටෙස්ට් කි‍්‍රකට් තරග හා එක්දින තරග නරඹනවා. ඒවායින් වින්දනයක් ලබනවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ ආකාර දෙක අප සැමට පසුගිය අවුරුදු ගණනාව පුරාවටම වින්දනය ගෙන දුන්නා. මම පාසැල් අතර පැවැත්වෙන කි‍්‍රකට් කී‍්‍රඩා තරගත් නැරඹිමට පි‍්‍රය කරනවා. කි‍්‍රකට් පුහුණු වැඩටහනක් අරගෙන දුෂ්කර පළාත් වලට යෑමත් මාස දෙකට කට වරක් කරනවා.
ඔබ වි:20 කි‍්‍රකට් තරඟ ලෝලියෙක් නොවේ...
ඔව්. නමුත් පිළිගන්න වෙනවා ගොඩක් අය මේ ආකාරයේ තරග නරඹනවා කියලා. ඒකෙන් ඔවුන් වින්දනයක් ලබනවා. පෞද්ගලිකවම මට හිතෙන්නේ මේ ආකාරයේ කි‍්‍රකට් තරග තරුණ පරම්පරාවට ගැලපෙන්නේ නැහැ කියලයි.
තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයින් හැසිරවීමේදී බලධාරීන් ගොඩක් සැළකිලිමත් වෙන්න වුවමනායි. වි:20 තරග නිසා කී‍්‍රඩකයන්ගේ සහජ දක්ෂතා නැති වෙලා තියෙන්නේ, කි‍්‍රකට් කී‍්‍රඩාවේ ක‍්‍රමවේද නැති වෙලා තියෙන්නේ, ආචාර ධර්ම නැති වෙලා තියෙන්නේ.
කි‍්‍රකට් කියන්නේ මුදල් ඉපැයීමේ හා විනෝදාස්වාදය සපයන දෙයක් පමණක් බවට පත්වෙලා. ලෝකයට වුවමනා මෙය නම් එය ඉදිරියට යාවි. නමුත් මම පෞද්ගලිකව දකින දෙය නම් පසුගිය අවුරුදු කිහිපය සළකා බලන කොට වි:20 කි‍්‍රකට් තරග නිසා කි‍්‍රකට් කී‍්‍රඩාව සැළකිය යුතු මට්ටමෙන් විනාශ වෙලා. ගැටළුව තියෙන්නේ මේ පි‍්‍රමියර් ලීග් කියන සංවිධාන කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට ඉතා ඉහළ ප‍්‍රමාණ වලින් මුදල් පිරිනමනවා. ඉතින් මට හිතෙන හැටියට කී‍්‍රඩකයින්ටත් අහක බලන්න විදිහක් නැහැ. ශී‍්‍ර ලංකාවත් ඇතුළුව, මේක ලොව පුරාම සිදුවන්නක්.
ටෙස්ට් කි‍්‍රකට් තරග වලට තිබෙන සැළකිල්ල කිසිසේත් ප‍්‍රමාණවත් නැහැ. මෙය කණගාටුවට කරුණක්. නමුත් එංගලන්තය ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් සැලකුවහොත් එම රටවල අදටත් ටෙස්ට් කි‍්‍රකට් තරගයක් පැවැත්වෙද්දී කී‍්‍රඩාගාර ප්‍රෙක්ෂකයන්ගෙන් පිරී ඉතිරිලා යනවා. එම රටවල් තවමත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ සැබෑ ගුණාංග ආරක්ෂා කරගෙනයි සිටින්නේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.