Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විනිසුරුවන්ට සමච්චල් කළ පොලාඩ්ට දඩ

විනිසුරුවන්ට සමච්චල් කළ පොලාඩ්ට දඩ

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරයේදී විනිසුරු තීරණවලට සමච්චල් කිරීම හේතුවෙන් මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ කරන් පොලාඞ්ට සිය තරග ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කිරීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ.

අවසන් මහ තරගයේදී මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පොලාඞ් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය. මුම්බායි ඉනිමේ අවසන් ඕවරය යැවූ ඞ්වේන් බ්‍රාවෝ එහි දෙවැනි සහ තෙවැනි පන්දු වයිඞ් සීමාවට පිටතින් යැවුවද නිටින් මේනන් විනිසුරුවරයා එම පන්දු වයිඞ් පන්දු ලෙස සංඥා නොකළේය.

ඉන් පසු විනිසුරුවරයාගේ තීරණය සමච්චලයට ලක්කරමින් සිවුවැනි පන්දුවට පහරදීම සඳහා පොලාඞ් වයිඞ් සීමාව අසලට ගොස් සිටගත්තේය. එම සිදුවීමත් සමග පොලාඞ් අසලට ගිය මේනන් සහ ඉයන් ගොල්ඞ් විනිසුරුවරුන් දෙපළ ඔහුට දැඩි ලෙස අවවාද කළ නමුත් ඔහු ඊට නිසි අවධානයක් යොමුකරන බවක් දක්නට නොලැබිණ.

විනිසුරු තීරණ සමච්චලයට ලක්කිරීම සහ විනිසුරුවන්ට අවනත නොවීම හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ නීති සංග්‍රහයේ පළමු කොටසේ 2.8 වනගන්තිය අනුව පොලාඞ් වරදකුරුවකු වන බවත්, ඒ හේතුවෙන් ඔහුට සිය තරග ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කරන බවත් සංවිධායකයෝ අවසන් තරගය නිමා වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

 

- 036

 


අදහස් (0)

විනිසුරුවන්ට සමච්චල් කළ පොලාඩ්ට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.