Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි20 තරගයේ ජයත් නවසීලන්තයට

විස්සයි20 තරගයේ ජයත් නවසීලන්තයට

Nisanka Sandeepani - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා පිල සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති එකම විස්සයි20 තරගය ලකුණු 35 කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසද, එක්දින තරගාවලිය 3-0 ක් සහ එකම විස්සයි20 තරගයේ පරාජයත් සමගින් ශ්‍රී ලංකා පිලට අමිහිරි පරාජයන් පෙළකින් නවසීලන්තයෙන් සමූගැනීමට සිදුවන්නේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 16.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි. මුල් ඕවර 10 අවසන් වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 95 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ඉතිරි ඕවර 10 තුළදී ලබාගත් යුතුව තිබුණේ තවත් ලකුණු 85 ක් පමණි. නමුත් ඕවර 6.5 කදී ඉතිරි කඩුලු 6 ම අහිමිකරගත් ශ්‍රී ලංකා පිලට රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 49 ක් පමණි.

මෙම තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වූ තිසර පෙරේරා යළිත් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ඉනිම ගොඩනැගීමට උත්සහ දැරුවද ලොකී ෆර්ගසන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 43 කට දැවී ගියේය. පන්දු 24 කට මුහුණදුන් තිසර පෙරේරාගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළක් විය.

ලොකී ෆර්ගසන් සහ ඉෂ් සෝධි කඩුලු 3 බැගින් දවාගත් අතර ටිම් සවුති, ස්කොට් කුග්ලෙයින්, ඩග් බ්‍රේස්වෙල සහ මිචෙල් සෑන්ට්නර් කඩුල්ල බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම වැනසූහ.

දෙවැනි කඩුල්ල සඳහා නිරෝෂන් දික්වැල්ල සමගින් එක්වූ කුසල් පෙරේරා පන්දු 16 කදී ලකුණු 30 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩනැඟුවද ස්කොට් කුග්ලෙයින්ගේ පන්දුවක් හමුවේ ඩග් බ්‍රේස්වෙල් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 23 කට දැවී ගියේය. පන්දු 12 කට මුහුණදුන් කුසල් පෙරේරාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

නිරෝෂන් දික්වැල්ල සාර්ථක ආරම්භයක් ලබාගත්තද සධීර සමරවික්‍රම මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවීයාම ශ්‍රි ලංකා පිල දැඩි අසීරූතාවයට පත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තය පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

මුල් පෙළ පිතිකරුවන් ආසාර්ථක වුවද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් තරගය කණපිට පෙරලමින් නවසීලන්ත පිල ලකුණු 179 ක් කරා රැගෙන යාමට සමත්වූහ. එහිදී මහඟු කාර්යයක් ඉටුකළ ඩග් බ්‍රේස්වෙල් පන්දු 26 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර ස්කොට් කුග්ලෙයින් පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කිරීමට සමත්වූහ.

රොස් ටේලර් සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 29 කදී ලකුණු 47 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඩග් බ්‍රේස්වෙල් හත්වැනි කඩුල්ල සඳහා ස්කොට් කුග්ලෙයින් එක්ව පන්දු 16 කදී තවත් ලකුණු 41 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය. එමෙන්ම හත්වැනි කඩුල්ල සඳහා පන්දු 15 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට ස්කොට් කුග්ලෙයින් සහ ටිම් සවුති සමත්වූහ.
මුල් ඕවර 10 තුළදී ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අවසන් ඕවර 10 තුළදී කඩුලු 2 ක් පමණක් අහිමිකරගත් නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 124 ක් රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 27 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ රොස් ටේලර් සහ මිචෙල් සෑන්ට්නර් එක්ව කඩා වැටුණු නවසීලන්ත ඉනිම ගොඩනගමින් ලකුණු 28 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ. නමුත් ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට මිචෙල් සෑන්ට්නර් විසින් වේගවත් පහරකින් ඉහළ නැගි පන්දුව හයේ සීමාව ආසන්නයේදී උඩපන්දුවක් ලෙස රැකගැනීමට තිසර පෙරේරා සමත්විය.

මෙම තරගාවලියේදී පළමු වරට ආක්‍රමණශීලි පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග සහ කසුන් රාජිත පළමු ඕවර 4 තුළදී නවසීලන්ත පිතිකරුවන් සිවුදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත්වූහ.

ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 16 ක් රැස්කළේය. නමුත් කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව දසුන් ශානක විසින් සුරුකිව රැකගැනීමත් සමගින් මුන්රෝගේ ඉනිම අවසන් විය.

ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්වන විට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට සිය ස්ථානය අහිමිවූයේය. ධණුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේදී ඔහුට අවස්ථාව හිමිනොවීය.

 

Q-3

Q-1

q-2

q-7Q

Q-34

ඡායාරූප - ඒ එෆ් පී ඇසුරෙනි 


අදහස් (0)

විස්සයි20 තරගයේ ජයත් නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.