Last Update  :  2026-03-13 19:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලොක්කෝ තිදෙනා බලය අතට ගනිති

ලොක්කෝ තිදෙනා බලය අතට ගනිති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A


අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවේ ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් සකස් කරන ලද කෙටුම්පතට එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලැබිණ. ඒ අනුව ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තයට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වැඩි බලතල පැවරෙනු ඇත.

මෙම නව වෙනස්කම් අනුව මේ වසරේ ජූලි මාසයේ සිට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපති තනතුර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා පත්වනු ඇත. එහි නව විධායක කමිටුවේ ප‍්‍රධානියා ලෙසින් කි‍්‍රකට් ඕස්ටේ‍්‍රලියා ආයතනයේ සභාපති වොලී එඞ්වඞ් මහතා පත්ව සිටී.

මෙම වෙනස්කම්ද සහිතව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යූහාත්මක වෙනස්කම් කිහිපයක් සඳහා එහි අධක්‍ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙම වෙනස්කම් සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී පාකිස්තානය සහ ශී‍්‍ර ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡ කළ යුතු යයි කියමිනි. එහෙත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයෝ 8 දෙනෙක් මෙම වෙනස්කම් සඳහා පක්‍ෂව ඡන්දය දුන්හ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම අද පෙරවරුවෙදී සිංගප්පූරුවේදී පැවැත්විණ.

 


අදහස් (4)

ලොක්කෝ තිදෙනා බලය අතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.