Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලැන්කෂයර් පිලෙන් මහේල හදිසියේම ඉවත් වෙයි

ලැන්කෂයර් පිලෙන් මහේල හදිසියේම ඉවත් වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘නැට්වෙස්ට්’ විස්සයි20 තරගාවලියේදී එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරිමට සූදානමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් මත එම තරගාවලියෙන් ඉවත් විමට තීරණය කර ඇත.

මහේල ජයවර්ධනගේ බිරිද ක්‍රිස්ටිනා මහත්මියට ඩෙන්මාර්ක සම්භවයක් තිබීම හේතුවෙන් මෙම තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයෙකු නොවී දේශීය ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහේලට හිමිවූ අතර ජූලී 7 වැනිදා ඩර්හැම්හිදී පැවැත්වෙන ආරම්භක තරගයටද සහභාගී වීමට නියමිතව සිටියේය.

ආරම්භවිමට නියමිත විස්සයි20 තරගාවලියේදී මහේල අපත් සමගින් එක් නොවීම පිළිබඳ කණගාටුවට පත්වූ බව ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ග්ලෙන් චැපල් මහතා පැවසිය. මෙම ආරංචියත් සමගින් අපි සියලුම ක්‍රීඩකයින් නිරීක්ෂණය කරමින් සහ නැවත සකසමින් ‘නැට් වෙස්ට්’ විස්සයි20 තරගාවලියට සුදානම් වනවා යැයි පුහුණුකරු තවදුරටත් පැවසිය.

ආරම්භවිමට නියමිත විස්සයි20 තරගාවලියේදී සැලසුම් කළ ආකාරයට ලැන්කෂයර් ලයිට්නින් කණ්ඩායම සමගින් එක්විමට නොහැකිවීම පිළිබඳව බොහෝ කණගාටුවට පත්වන බව මහේල ජයවර්ධන කියයි.
“මෙම වසරේදී තරගාවලිය සාර්ථකව නිමා කිරීමට මම ඔවුන්ට සුබ පතනවා”

2015 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ජයවර්ධන ලොව පුරා පැවැත්වෙන විස්සයි20 තරගාවලියන්හිදී ක්‍රීඩකයකු සහ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම ඇරඹීය. පෙර පැවැති ‘නැට්වෙස්ට්’ විස්සයි20 තරගාවලියනිහිදී සසෙක්ස් සහ සමර්සෙට් කණ්ඩායම් වලට ක්‍රීඩා කළ ඔහු මේ වනවිට ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 149 කට ක්‍රීඩාකර ලකුණු 11814 ක් රැස්කළ මහේල 49.84 ක සාමාන්‍යයක් රඳවාගත් ඔහු එක්දින තරග 448 කට සහ විස්සයි20 තරග 55 කට සහභාගී වී තිබේ.

 


අදහස් (0)

ලැන්කෂයර් පිලෙන් මහේල හදිසියේම ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.