Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාජස්ථාන් පිල කඩුලූ 7 කින් ජය ලබයි

රාජස්ථාන් පිල කඩුලූ 7 කින් ජය ලබයි

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කී‍්‍රඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී පන්දු 32 කට මුහුණදුන් සංජු සැම්සන් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය. 

ආරම්භක පිතිකරුවන් වූ අජින්ක්‍යා රහනේ (39) සහ ලයෑම් ලිවිංග්ස්ටෝන් (44) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනගමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහාමනා අඩිතාලමක් දැමූහ. 

පන්දු 34 කදී වාර්තා වූ රහනේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ ලිවිංග්ස්ටෝන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. නායක ස්ටීවන් ස්මිත් පන්දු 16 කින් ලකුණු 22 ක් රැස්කලේ හතරේ පහර 3 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර සන්රයිසස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මනීෂ් පාණ්ඬේ පන්දු 36 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 61 ක් රැස්කළේය. 

ආරම්භකි පිතිකරු ඬේවිඞ් වෝනර් (37) සමග එක්ව සන්රයිසස් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාණ්ඬේ සමත් විය. 

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ජයදේව් උනාඞ්කට්, ඔෂේන් තෝමස්, ශ්‍රෙයාස් ගෝපාල් සහ වරුන් ඒරන් කඩුලූ 2 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ. 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 160 
(ඬේවිඞ් වෝනර් 37, මනීෂ් පාණ්ඬේ 61, රෂීඞ් ඛාන් නොදැවී 17, ජයදේව් උනාඞ්කට් 26/2, ඔෂේන් තෝමස් 28/2, ශ්‍රෙයාස් ගෝපාල් 30/2, වරුන් ඒරන් 36/2) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 19.1 කදී කඩුලූ 3 කට 161 
(අජින්ක්‍යා රහනේ 39, ලයෑම් ලිවිංග්ස්ටෝන් 44, සංජු සැම්සන් නොදැවී 48, ස්ටීවන් ස්මිත් 22)   

-036


අදහස් (0)

රාජස්ථාන් පිල කඩුලූ 7 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.