Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාජස්ථාන් පිල සටන අත්නොහරී

රාජස්ථාන් පිල සටන අත්නොහරී

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 43 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී ඊයේ (25 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටියද මෙම ජයත් සමග තවමත් ඔවුන්ට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතී. 

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා ප්‍රසිධ් ක්‍රිෂ්ණා යැවූ අවසන් ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමට රාජස්ථාන් කණ්ඩායමට සිදු වූ අතර එහි පළමු පන්දු දෙකට හතරේ සහ හයේ පහර 2 කින් සංග්‍රහ කළ ජොෆ්රා ආචර් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක් රැස්කරමින්ද, රියාන් ප්‍රාග් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 47 ක් රැස්කරමින්ද රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ. 

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ පියුෂ් චවුලා ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත් අතර සුනිල් නරේන් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 25 ක් ලබා දෙමිනි. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාටම සිය කණ්ඩායම පරායෙන් ගළවාගැනීමට නොහැකි වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් පන්දු 50 කදී නොදැවී ලකුණු 97 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා කාර්තික්ට අනගි සහායක් දුන් නිතිෂ් රානා හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 31 ක් වන විට කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ වරුන් ඒරන්,  රාජස්ථාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. 

 

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 175 
(ශුබ්මන් ගිල් 14, නිතිෂ් රානා 21, දිනේෂ් කාර්තික් නොදැවී 97, ඔන්ඩ්‍රි රසල් 14, වරුන් ඒරන් 20/2)


රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 7 කට 177 
(අජින්ක්‍යා රහනේ 34, සංජු සැම්සන් 22, රියාන් ප්‍රාග් 47, ශ්‍රෙයාස් ගෝපාල් 18, ජොෆ්රා ආචර් නොදැවී 27, පියුෂ් චවුලා 20/3, සුනිල් නරේන් 25/2) 

-036 


අදහස් (0)

රාජස්ථාන් පිල සටන අත්නොහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.