කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 135 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14) සවස ක‍්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන රාජකීය විදුහල් පිල එක කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබා සිටියේය. ශාමින්ද ඩයස් (නොදැවී 12) සහ හෂේන් රාමනායක (නොදැවී 04) ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.
රාජකීය විදුහල මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් ලකුණු 167 ක ඉලක්කයක් සම්පූර්ණ කළ යුතු අතර කඩුලූ 9 ක් අතැතිව තවත් ලකුණු 131 ක් පසු පසු පසින් සිටියි. ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම්දී කඩුලූ 8 ක් දැවී ලකුණු 325 ක් ලබා ලකුණු 167 ක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.
සාන්ත තෝමස් පිලේ සනේෂ් ද මෙල් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 308 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 110 ක් රැස් කරමින් මෙම තරගයේ මේ දක්වා එකම ශතක ලභියා බවට පත්ව සිටියි. සනේෂ් මිනිත්තු 455 ක් හෙවත් පැය 8 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැදී සිටීම කැපී පෙනුණි. චේනුත වික‍්‍රමසිංහ පන්දු 102 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 66 ක් රැස් කළේය.
මෙම පිතිකරුවන් දෙදෙනා අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් පවත්වමින් සාන්ත තෝමස් විදුහලට පෙරමුණට රැගෙන ආහ.
මෙම සම්බන්ධතාව ‘නිල් මහ සටන’ මහ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති වසර 18 ක් පැරණි වාර්තාව ඉක්මවා ගියේය. එහි පැරණි වාර්තාව 1996 වසරේ සාන්ත තෝමස් විදුහලේ ආර්. ප‍්‍රනාන්දු සහ සී. ගුණවර්ධන ලකුණු 112 ක සම්බන්ධතාවක් පවත්වා පිහිටුවා තිබුණි.
තේ පානයට පෙර ඕවරයේ පස්වැනි පන්දුව යැවීමෙන් පසු පේ‍්‍රක්‍ෂකයන් ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා පන්දුවක් ඉතිරිව තිබියදී තේ පානය සදහා තරගය නතර කළේය. චේනුත වික‍්‍රමසිංහ අර්ධ ශතකය සම්පූර්ණ කළේ යැයි සිතු පේ‍්‍රක්‍ෂකයන් සියයකට අධික පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදුණහ.
තේ පානයෙන් පසුව 100 වැනි ඕවරය සම්පූර්ණ කළ අතර එහිදී එම ඕවරයට පන්දු හතක් යවා තිබුණි. තේ පානයෙන් පසුව යැවූ පළමු පන්දුවට චේනුත එක ලකුණක් ලබාගත් අතර එම ඕවරයේ හත්වැනි පන්දුව ලෙස යැවූ පන්දුවට සනේෂ් හතරේ පහරකින් ශතකය සම්පූර්ණ කළේය.
දිවා විවේකයෙන් පසුව දෙවැනි පන්දුවේදී සචිත ජයතිලක කඩුලූ රකින තිරාන් ධනපාල වෙත උඩපන්දුවක් ලබා දීමෙන් හත්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ශාමින්ද ඩයස්, පොයින්ට්හි පන්දු රකිමින් රැකගත් විශිෂ්ට උඩ පන්දු හමුවේ නායක මධුෂාන් රවිචන්ද්‍රකුමාර්ගේ ඉනිම ලකුණු 23 කට සීමා වීමෙන් ලකුණු 209 ට කඩලූ 6 ක් බවට පත්විය.
පළමු දිනය වූ ඊයේ (13) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට සාන්ත තෝමස් විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 134 ක් රැස්කර සිටියේය.
හෙට (15) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
ලකුණු පුවරුව
රාජකීය විදුහල පළමු ඉනිම
ශාමින්ද ඩයස් - ක. මූ. කළා ප. සහන් විජේසිංහ 1
ගීෂාත් පණ්ඩිතරත්න - ඇ. වික‍්‍රමසිංහ ප. හෙළකමල් නානායක්කාර 25
හසිත සමරසිංහ - ඇ. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් ප. අබ්දුල් කාදර් 8
හෂේන් රාමනයක - ක. මූ. කළා ප. අබ්දුල් කාදර් 0
රන්දේව් පතිරණ - ප. අබ්දුල් කාදර් 6
චාමික කරුණාරත්න - ඇ. හෙළකමල් නානායක්කාර ප. තරිදු රත්නායක 11
තිරාන් ධනපාල - ඇ. යොහාන් මෙන්ඩිස් ප. සහන් විජේසිංහ 46
උමේෂ් සූරියබණ්ඩාර - ඇ. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් ප. සහන් විජේසිංහ 1
දේවින් පත්මනාදන් - ක. මූ. කළා ප. සහන් විජේසිංහ 0
හරිත් සමරසිංහ - ඇ. සනීෂ් ද මෙල් ප. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 50
අනූප තිලකරත්න - නොදැවී 0
අතිරේක 10
එකතුව ඕවර 50.2 කදී සියලූ දෙනා දැවී 158
කඩුලූ වැටීම:
1-02(ශාමින්ද ඩයස්), 2-17(හසිත සමරසිංහ), 3-17(හෂේන් රාමනායක), 4-23(රන්දේව් පතිරණ), 5-44(ගීෂාත් පණ්ඩිතරත්න), 6-58(චාමික කරුණාරත්න), 7-59(උමේෂ් සූරියබණ්ඩාර), 8-59(දේවින් පත්මනාදන්), 9-155(හරිත් සමරසිංහ), 10-158(තිරාන් ධනපාල)
පන්දු යැවීම:
අක්තාබ් කාදර්: 12-1-37-3, සහන් විජේසිංහ: 15.2-4-45-4, තේනුක වික‍්‍රමසිංහ: 3-1-06-0, හෙළකමල් නානායක්කාර: 6-2-15-1, තරිදු රත්නායක: 10-3-32-1, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්: 2-0-08-1, සචින්ත ජයතිලක: 1-00-4-0, තිලක්‍ෂ සුමනසිරි: 1-00-7-0
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම
යොහාන් මෙන්ඩිස් - ප. චාමික කරුණාරත්න 29
රෂ්මික ඕපාත - ප. අනූප තිලකරත්න 21
සනේෂ් ද මෙල් - නොදැවී 110
තිලක්‍ෂ සුමනසිරි - ඇ. රන්දේව් පතිරණ ප. හෂේන් රාමනායක 35
හෙළකමල් නානායක්කාර - ප. අනූප තිලකරත්න 1
තරිදු රත්නායක - ඇ. උමේෂ් සූරියබණ්ඩාරප. හෂේන් රාමනායක 24
මධුෂාන් රවිචන්ද්‍රකුමාර් - ඇ. ශාමින්ද ඩයස් ප. චාමික කරුණාරත්න 23
සචිත ජයතිලක - ඇ. තිරාන් ධනපාල ප. චාමික කරුණාරත්න 0
චේනුත වික‍්‍රමසිංහ - ඇ. අනූප තිලකරත්න ප. චාමික කරුණාරත්න 66
අතිරේක 16
එකතුව ඕවර 104.1 කදී කඩුලූ 8 ක් දැවී 325
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
සහන් විජේසිංහ, අක්තාබ් කාදර්
කඩුලූ වැටීම:
1-26(රෂ්මික ඕපාත), 2-76(යොහාන් මෙන්ඩිස්), 3-127(තිලක්‍ෂ සුමනසිරි), 4-136(හෙළකමල් නානායක්කාර), 5-179(තරිදු රත්නායක), 6-209(මධුෂාන් රවිචන්ද්‍රකුමාර්), 7-209(සචිත ජයතිලක), 8-325(චේනත වික‍්‍රමසිංහ)
පන්දු යැවීම:
චාමික කරුණාරත්න: 29.1-5-91-4, අනූප තිලකරත්න: 18-5-63-2, හෂේන් රාමනායක: 21-0-70-2, හසිත සමරසිංහ: 2-00-3-0, හරිත් සමරසිංහ: 11-3-27-0, රන්දේව් පතිරණ: 12-3-30-0, දෙවින් පත්මනාදන්: 11-2-32-0
රාජකීය විදුහල දෙවැනි ඉනිම
ශාමින්ද ඩයස් - නොදැවී 12
ගීෂාත් පණ්ඩිතරත්න - ඇ. තරිදු රත්නායක ප. සහන් විජේසිංහ 0
හසිත සමරසිංහ - පිටියෙන් ඉවත් වුණා 16
හෂේන් රාමනායක - නොදැවී 4
අතිරේක 3
එකතුව ඕවර 18.4 කදී කඩුලූ 1 ක් දැවී 36
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
රන්දේව් පතිරණ, චමික කරුණාරත්න, තිරාන් ධනපාල, උමේෂ් සූරියබණ්ඩාර, දේවින් පත්මනාදන්, හරිත් සමරසිංහ, අනූප තිලකරත්න
කඩුලූ වැටීම:
1-0-2(ගීෂාත් පණ්ඩිතරත්න)
පන්දු යැවීම:
අක්තාබ් කාදර්: 6-3-12-0, සහන් විජේසිංහ: 5.4-2-15-1, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්: 2-10-6-0, හෙළකමල් නානායක්කාර: 2-2-00-0, තරිදු රත්නායක: 3-30-0-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.