ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ඉන්දීය සංචිතයෙන් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට සහ පිතිකරු අම්බති රයිදුට ලෝක කුසලාන සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා වූ විරාට් කෝලී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
2015 ලෝක කුසලාන සංචිතයට නම්කර සිටි විරාට් කෝලී, මහේන්ද්‍ර සිං දෝනී, ශීකාර් ධවාන්, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් ශාමී, රෝහිත් ෂර්මා මෙවර සංචිතයටද නම්කර සිටිති. රවිචන්ද්‍රන් අශ්වින්, ස්ටුවර්ට් බිනී, ඇක්සා පටෙල්, අජින්ක්‍යා රහනේ, සුරේෂ් රයිනා, අම්බති රයිදු, මෝහීත් ෂර්මා, උමේෂ් යාදව්ට සිය ස්ථාන අහිමි වී තිබේ.
ලෝකේෂ් රාහුල්, කේදර් ජාදව්, දිනේෂ් කාර්තික්, විජේ ශංකර්, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රීට් බුම්රා ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ලෝක කුසලානය වැනි තරගාවලියකදී කඩුලු රකින්නාගේ භූමිකාව සුවිශේෂිවන අතර පළමු තේරිම මහේන්ද්‍රසිං දෝනීට හිමිවන අතර දෙවැනි තේරිම ලෙස දිනේෂ් කාර්තිත් තෝරාගැනීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
“පාන්ට් සහ කාර්තික් දෙදෙනාගෙන් වැඩිම අත්දැකීම් තිබෙන්නේ කාර්තික්ට. අපි දැකලා තියෙනවා පීඩනය යටතේ කාර්තික් තරග ඉවර කරන හැටි” යැයි ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී එම්.එස්.කේ.ප්‍රසාද් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
පාන්ට් අති දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට තවත් කාළය තිබෙනවා. අවාසනාවන්ත ලෙස ඔහුට මෙම තරගාවලිය අහිමිවුනා යැයි ප්‍රසාද් මහතා වැඩිදුරටත් පැවසීය.
දකුණු අප්‍රිකාවට එරෙහිව සදම්ප්ටන්හිදී ජූනී 5 වැනිදා ඉන්දියාව පළමු තරගයට මුහුණදීමට නියමිතව ඇත.
ඉන්දියානු සංචිතය
විරාට් කෝලී (නායක), මහේන්ද්‍ර සිං දෝනී, ශීකර් ධවාන්, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් ශාමී, රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල්, කේදර් ජාදව්, දිනේෂ් කාර්තික්, විජේ ශංකර්, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රීට් බුම්රා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.