Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මෙන්ඩිස් සිඞ්නි තන්ඩර්ස් පිලට එක්වෙයි

මෙන්ඩිස් සිඞ්නි තන්ඩර්ස් පිලට එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන කී‍්‍රඩක අජන්ත මෙන්ඩිස්,  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේදී සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

විසි අට හැවිරිදි මෙන්ඩිස් මේ වන විට විස්සයි20 තරග 85 කට සහභාගීවී ඇති අතර බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 117 කි. එහි සාමාන්‍ය සටහන් වන්නේ කඩුල්ලකට ලකුණු 6.56 ක් ලෙසිනි. 2012 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8 කට කඩුලූ 6 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවේ.

මෙන්ඩිස්ගේ එක් වීම ඔවුන්ට ඉතා වාසි දායක තත්ත්වයක් බව සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු, ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක චන්දික හතුරුසිංහ කියා සිටි.

ඔහු පවසන පරිදි ඬේවිඞ් වෝනනර්, මයිකල් ක්ලාක්, මයිකල් හසී, උස්මන් කවාජා, ඉයන් මෝර්ගන් සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි පිතිකරුවන්ගෙන් සමන්විත තම කණ්ඩායමේ පන්දුයවන්නන්ගේ බලෑණිය ශක්තිමත් කිරීම සඳහා මෙන්ඩිස්ගේ ආගමනය ඉතා වැදගත් වේ.

 


අදහස් (1)

මෙන්ඩිස් සිඞ්නි තන්ඩර්ස් පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.