ඉන්දියාවේ බෙංගාල් ක්‍රිකට් සංගමයේ විශේෂඥ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරිම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් තෝරාගෙන තිබේ.
ලෝක ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම වැඩිම කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන් ඉදිරි වසර 3 සඳහා බෙංගාල ක්‍රිකට් සංගමයේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජිත වුවද මෙතෙක් මුරලි ඒ පිළිබඳව මාධ්‍ය වෙත නිල ප්‍රකාශයක් ලබා දී නොමැත.
කෙසේ වෙතත් මුරලිට අමතරව බෙංගාල ක්‍රිකට් සංගමයේ වේග පන්දු පුහුණුකරු ලෙස වකාර් යුනිස් පත්කර ඇති අතර ඔහු 2011 වන තෙක් පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
මුරලිදරන් සහ වකාර් බෙංගාල ක්‍රිකට් සංගමයේ පුහුණුකරු ලෙස පත්කර ගැනීම හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලිගේ මග පෙන්වීම යටතේ කර ඇතැයි වාර්තාවේ. ගංගුලි පවසන්නේ, මුරලි සහ වකාර් ඉක්මනින්ම අදාළ තනතුර සඳහා පත්කර ගැනීමට කටයුතු කරන බවයි.
ගංගුලි මේ වන විටත් බෙංගාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරු උපදේශක ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.