Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුම්බායි ඉන්දියන්ස් පිල වාර්තාවක් අබියස

මුම්බායි ඉන්දියන්ස් පිල වාර්තාවක් අබියස

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැඩිම වාර සංඛ්‍යාවක් අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම් ලෙස සම වාර්තාවට හිමිකම් කීමට මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම් සමත්ව සිටින අතර එම කණ්ඩායම් දෙකම අවස්ථා 3 කදී බැගින් අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා තිබේ.

පළමු සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී චෙන්නායි කණ්ඩායම පරාජය කරමින් මෙවර (2019) තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමත් සමග මුම්බායි කණ්ඩායම තවත් අයි.පී.එල්. ශූරතාවකට අත පොවන මානයට පැමිණ සිටියි.

යම් හෙයකින් මෙවර තරගාවලියේ ශූරතාවද තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි වුවහොත්, වැඩිම වාර සංඛ්‍යාවක් අයි.පී.එල්. ශූරතාව දිනාගත් කණ්ඩායම ලෙස එම වාර්තාවේ තනි අයිතියට හිමිකම් කීමට ඔවුන්ට හැකිවනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පස්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අවස්ථා 4 න් 3 කදීම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔවුන් සමත්වී තිබේ.

2010 වසරේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා අනු ශූරතාවෙන් සෑහීමකට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, 2013 සහ 2015 වසරවලදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමද, 2017 වසරේදී රේසිං පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමද පරාජය කරමින් ශූරයන් බවට පත්විය.

මෙවර තරගාවලියේ පළමු සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී මුම්බායි කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවද, දෙවැනි සුදුසුකම් ලබාගැනීමේ තරගය ජයගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද අවස්ථාවක් පවතී.

මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි 11 න් 7 කදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන් අවස්ථා 3 කදී ශූරයන් බවටද, අවස්ථා 4 කදී අනු ශූරයන් බවටද පත්විය.


-036

 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පිල වාර්තාවක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.