Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුම්බායි පිල අවසන් තරගයට

මුම්බායි පිල අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2019 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය. චෙන්නායිහිදී පැවැති අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

අද තරගයෙන් චෙන්නායි පිල පරාජයට පත්වුවද අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට තවත් අවස්ථාවක් ඇත. දිල්ලි කැපිටල් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර හෙට (8 වැනිදා) පැවැත්වෙන පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් චෙන්නායි පිල 10 වැනිදා අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයට සහභාගිවීමට නියමිතව ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි පිල ඕවර 18.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

පන්දු 54 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් මුම්බායි පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය සූර්යකුමාර් යාදව් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. සූර්යකුමාර්ට අනගි සහයක් ලබාදුන් ඉෂාන් කිෂාන් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 28 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 21 ක් තුළ මුම්බායි ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට දීපක් චහර් සහ හර්බජන් සිං සමත්වුවද සූර්යකුමාර් යාදව් සහ ඉෂාන් කිෂාන් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 63 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.

මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ චෙන්නායි මුල්පෙළ පිතිකරුවන්ට වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවීමට අපහසුවූහ. සිවුවැනි කඩුල්ල ලෙස මුරලි විජේ දැවීයන විට පන්දු 73 ක් තුළදී චෙන්නායි පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 65 ක් පමණි.

සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ අම්බති රයිදු සහ මහේන්ද්‍ර සිං දෝනී පන්දු 47 කදී ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගුවද මුම්බායි පිලට පීඩනයක් ලබාදියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා දෙන්නායි පිල රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ.

අම්බති රයිදු පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කළ අතර මහේන්ද්‍ර සිං දෝනී පන්දු 29 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රාහුල් චහර් සිය ඕවර 4 ලකුණු 14 කට සීමාකරමින් ෆෆ් ඩු ප්ලෙසීස් සහ මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. කෲනාල් පාණ්ඩ්‍යා සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකරමින් කඩුල්ලක් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා ඕවර 2 ක් යවමින් ලකුණු 13 ක් ලබාදුන්නේය.

මුම්බායි පිලේ වැඩි බලාපොරොත්තු රඳවාගත් පන්දු යවන්නන් දෙදෙනාවූ ජස්ප්‍රීට් බුම්රාගේ ඕවර 4 තුලදී ලකුණු 31 ක් සහ ලසිත් මාලිංගගේ ඕවර 3 තුලදී ලකුණු 26 ක් ලබාගත් චෙන්නායි පිතිකරුවෝ කඩුල්ලක් ලබානොදුන්හ.

 

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 131
(මුරලි විජේ 26, අම්බති රයිදු නොදැවී 42, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 37, රාහුල් චහර් 14/2)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 18.3 කදී කඩුලු 4 ක් දැවී 132
(සූර්යකුමාර් යාදව් නොදැවී 71, ඉෂාන් කිෂාන් 28, ඉම්රාන් තහීර් 33/2


අදහස් (0)

මුම්බායි පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.