Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් වටයට එයි

මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් වටයට එයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 51 ක් නිමා වන විට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම සමගින් මේ වන විට කණ්ඩායම් 3 ක් අවසන් වටයට සුදුසුකම් ලබා සිටින අතර තවත් එක් කණ්ඩායමකට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතී.

මේ දක්වා තරග 13 කට සහභාගි වී ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන් තරග 9 ක් ජයගෙන, තරග 4 ක් පරාජයට පත් වී ලකුණු 18 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටියි. මුම්බායි කණ්ඩායම ලකුණු 16 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ඔවුන් සහභාගි වූ තරග 13 න් 8 ක් ජය ලබා 5 ක් පරාජයට පත් වෙමිනි.

ලකුණු 16 ක් ලබා මුම්බායි කණ්ඩායම සමග සම තත්වයේ පසුවුවද දල ලකුණු වේගය අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයයි. ඔවුන්ද තරග 13 කට සහභාගි වී ඉන් තරග 8 ක් ජයගෙන 5 ක් පරාජයට පත්ව සිටියි. අවසන් වටයට සුදුසුකම් ලබා සිටියද, මෙම කණ්ඩායම් තුනටම මූලික වටයේ තවත් එක් තරගයක් බැගින් ඉතිරිව තිබේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී ඇති අතර සන්රයිසස් හයිද්‍රාබාද්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට්රයිඩර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් පවතින සෙසු කණ්ඩායම් ලෙස හැඳින්විය හැකිය.
 
එම අවස්ථාව උදාකර ගැනීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් (ලකුණු 12) සහ රාජස්ථාන් රෝයල්ස් (ලකුණු 11) කණ්ඩායම් වලට තවත් තරගය බැගින් ඉතිරිව තිබෙන අතර කොල්කටා නයිට්රයිඩර්ස් (ලකුණු 10) සහ කිංග්ස් XI  පන්ජාබ් (ලකුණු 10) යන කණ්ඩායම් වලට තවත් තරග 2 බැගින් ඉතිරිව තිබේ.

මූලික වටයේ තරග සියල්ල මේ මස 5 වැනිදායින් නිමාවට පත්වන අතර එහි පළමු අවසන් පූර්ව තරගය මැයි 7 වැනිදාද, පරාජිතයන් ඉවත් කිරීමේ තරගය 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර 10 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ 12 වැනිදා හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.


-036


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.