Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස්ට දකුණු අප්‍රිකා තරගය අහිමි වන ලකුණු

මැතිව්ස්ට දකුණු අප්‍රිකා තරගය අහිමි වන ලකුණු

Nisanka Sandeepani - 2017 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙනසුරාදා (3 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වනු ඇතැයි වාර්තා වේ. පාදයේ කළව මස්පිඬුවේ ඉරීයාමක් හේතුවෙන් මැතිව්ස්ට මෙම තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ. 

පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිටම ඇන්ජලෝ මැතිව්ස්ට අන්තර්ජාතික තරග වලට සහභාගි විය නොහැකි විය. අයි. පී. එල්. තරගාවලියේ තරග කිහිපයක්ද ඔහුට මඟහැරුණ නමුත් ශූරයන්ගේ කුසලාන තරගාවලියට කණ්ඩායම නම් කිරීමේදී ඔහු මනා ශාරීරික යෝග්‍යතාවකින් සිටියේය. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පෙරහුරු තරගයේදී ලකුණු 95 ක් ලබාගැනීමටද මැතිව්ස් සමත් වූයේය. 

“පාදයේ මස්පිඬුවක වේදනාවක් සම්බන්ධයෙන් මැතිව්ස් කියමින් හිටියා. ඒ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්‍ෂණයක් කළ අවස්ථාවේදී හෙළිදරව් වූයේ මස්පිඬුවේ සුළු ඇදීමක් තිබෙන බවයි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවිණ. 

“මැතිව්ස්ගේ සුවවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය දිගින් දිගටම අවධානයෙන් පසුවන අතර බොහෝ විට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුට අහිමි වීමට ඉඩ තිබේ” යයිද එම නිවේදනයෙන් කියැවේ. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන තරගයට මැතිව්ස් ක්‍රීඩා නොකරන්නේ නම් උපුල් තරංග එම තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නියමිතය. 

 


අදහස් (2)

මැතිව්ස්ට දකුණු අප්‍රිකා තරගය අහිමි වන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.