Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග මුම්බායි පිලට ජය ගෙනෙයි

මාලිංග මුම්බායි පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර චෙන්නායිහිදී අද (26 වැනිදා) පැවැති තරගය ලකුණු 46 කින් ජයගැනීමට මුම්බායි පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිලට ඕවර 17.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණි. ඒ අනුව චෙන්නායි පිල සත්කාරකත්වය දරමින් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම තරගය වාර්තාවිය.

පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළ මුරලි විජේ චෙන්නායි පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගනිමින් මුම්බායි පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. කෲනාල් පාණ්ඩ්‍යා ලකුණු 07 කට කඩුලු 2 ක් සහ ජස්ප්‍රීට් බුම්රා ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත්විය.

නායක රෝහිත් ෂර්මා පන්දු 48 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 67 ක් රැස්කරමින් මුම්බායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

එවින් ලෙවිස් සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 57 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට රෝහිත් ෂර්මා සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ මිචෙල් සැන්ටර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය ලැබූ චෙන්නායි කණ්ඩායමේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 155
(රෝහිත් ෂර්මා 67, එවින් ලෙවිස් 32, මිචෙල් සැන්ටර් 13/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 17.4 කදී සියලුදෙනා දැවී 109
(මුරලි විජේ 38, ඞ්වයින් බ්‍රාවෝ 20, මිචෙල් සැන්ටර් 22, ලසිත් මාලිංග 37/4, කෲනාල් පාණ්ඩ්‍යා 07/2, ජස්ප්‍රීට් බුම්රා 10/2)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (1)

මාලිංග මුම්බායි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.