Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාධ්‍ය ආයතන දෙකකින් දෝනි කෝටි 100 ක් ඉල්ලයි

මාධ්‍ය ආයතන දෙකකින් දෝනි කෝටි 100 ක් ඉල්ලයි

ශනුක අරවින්ද - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තරග පාවාදීම් සම්බන්ධව තමන්ගේ කීර්තිනාමයට හානි වන අන්දමින් මාධ්‍ය වාර්තා පළ කළ ඉන්දියාවේ මාධ්‍ය ආයතන දෙකකට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කර තිබේ. ඒ අනුව තමාගේ කීර්ති නාමයට හානි වීම සම්බන්ධව අදාළ මාධ්‍ය ආයතන වලින් ඉන්දියන් රුපියල් කෝටි සියයක වන්දියක්ද මහේන්ද්‍ර සිං දෝනි ඉල්ලා තිබේ.

ඉන්දියාවේ සුප‍්‍රකට ප‍්‍රවෘත්ති නාලිකා දෙකකට සහ පොලිස් නිලධාරියකුට එරෙහිව මහේන්ද්‍ර සිං දෝනි මදුරාසි මහාධිකරණයේදී මෙම නඩුව ගොනු කර තිබේ. මෙම පොලිස් නිලධාරියා තමිල්නාඩුවේ සේවය අත්හිටවූ පොලිස් නිලධාරියකු බවද වාර්තාවේ.

තරග පාවාදීම් සහ ඔට්ටු අල්ලන්නන් සම්බන්ධ කරමින් තමාගේ ප‍්‍රතිරූපයට හානි වන අන්දමින් අසත්‍ය වාර්තා පළ කිරීම සම්බන්ධයෙන් මහේන්ද්‍ර සිං දෝනි මෙම නඩුව ගොනුකර තිබේ.

මහේන්ද්‍ර සිං දෝනිගේ පැමිණිල්ල සලකා බැලූ මදුරාසි මහාධිකරණය එම මාධ්‍ය ආයතනවලට මහේන්ද්‍ර  සිං දෝනි සම්බන්ධ කිසිදු ප‍්‍රවෘත්තියක් පළ කිරීම වාරණය කරමින් නියෝගයක්ද නිකුත් කර තිබේ.

 

- 033


අදහස් (1)

මාධ්‍ය ආයතන දෙකකින් දෝනි කෝටි 100 ක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.