Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහේල - අෆ්රිඩි අති විශිෂ්ටයන්ගේ සමාජයට

මහේල - අෆ්රිඩි අති විශිෂ්ටයන්ගේ සමාජයට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මේ වසරේ පෙබරවාරි මස ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටින කී‍්‍රඩකයන් අතුරින් අත්දැකීම් බහුලම කී‍්‍රඩකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සහ පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩි පත්ව සිටිති.

මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම 1999 වසරේදී තම පළමු ලෝක කුසලන තරගාවලියට සහභාගි වී ඇති අතර එතැන් පටන් මේ වන තෙක් පැවැති සෑම ලෝක කුසලාන තරගාවලියටම සහභාගි වී ඇත.

ශ්‍රී ලංකා පිල අවසන් මහ තරගයට පැමිණි 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලි වලදී මෙන්ම අවසන් පූර්ව තරගය දක්වා පැමිණි 2003 ලෝක කුසලාන තරගාවලියේදීද මහේල වැඩි දෙනාගේ කතාබහට ලක්වූ චරිතයක් බවට පත්විය. ඒ අතරින් 2007 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගය කරා මෙහෙයවූයේද මහේලය.
 
පාකිස්ථාන පිල ලෝක කුසලාන අනුශූරයන් වූ 1999 වසරේදී එම කණ්ඩායමේ සමාජිකයකු වූ සහීඞ් අෆ්රිඩි, 2011 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිල මෙහෙය වීය. එම තරගාවලියේ තම කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමටද ඔහු සමත්විය.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන තේරීම් කමිටු විසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය නම් කරන ලද ක‍්‍රීඩකයන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයන්ට මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම ඇතුළත්ව සිටින අතර ලබන වසරේ ජනවාරි මස 8 වැනිදාට පෙර නම් කිරීමට නියමිත අවසන් 15 දෙනාගේ සංචිතයටද ඔවුන්ගේ නම් ඇතුළත් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තම රටවල් නියෝජනය කිරීමට මෙම කී‍්‍රඩකයන් දෙදෙනා සමත් වුවහොත් ඔවුන්, ලෝක කුසලාන තරගාවලි 5 කට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් කිහිප දෙනාගේ සමාජයට එක්වනු ඇත.

වසීම් අක‍්‍රම් (පාකිස්තානය), ශිව්නරේන් චන්ද්‍රපෝල් (බටහිර ඉන්දීය කොදෙව්), අරවින්ද ද සිල්වා (ශ්‍රී ලංකාව), ඉන්සමාම් උල් හක් (පාකිස්තානය), සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව), ජැක් කලිස් (දකුණු අපි‍්‍රකාව), ඉම්රාන් ඛාන් (පාකිස්තානය), බ‍්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්), මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව), තෝමස් ඔඩෝයෝ (කෙන්යාව), රිකී පොන්ටිං ( ඕස්ටේ‍්‍රලියාව), අර්ජුන රණතුංග (ශ්‍රී ලංකාව) සහ ස්ටීව් ටිකලෝ (කෙන්යාව) ලෝක කුසලාන තරගාවලි 5 කට කී‍්‍රඩා කර ඇති සෙසු කී‍්‍රඩකයෝ වෙති.

ඔවුන්ට අමතරව ජාවෙඞ් මියැන්ඞ්ඞ් සහ සචින් තෙන්ඩුල්කාර් ලෝක කුසලාන තරගාවලි 6 කට සහභාගි වෙමින් ලෝක කුසාලාන තරගාවලි වැඩිම ප‍්‍රමාණයට සහභාගි වී ඇති කී‍්‍රඩකයන් දෙදෙනා ලෙස වාර්තා පොතට ඇතුළත්ව සිටිති.

ජාවෙඞ් මියැන්ඩාඞ්, පාකිස්තානය නියෝජනය කරමින් 1975 වසරේ සිට 1996 දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි වලට සහභාගි වී ඇති අතර සචින් තෙන්ඩුල්කාර්, ඉන්දියාව නියෝජනය කරමින් 1992 වසරේ සිට 2011 දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි වලට සහභාගි වී ඇත.

ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය), කි‍්‍රස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), යුනිස් ඛාන් (පාකිස්තානය), රොබින් පීටර්සන් (දකුණු අපි‍්‍රකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) සහ ඩැනියෙල් විටෝරි (නවසීලන්තය) යන කී‍්‍රඩකයෝ තම සිව් වැනි ලෝක කුසලාන තරගාවලිය අබියස සිටිති.

 

- 036
 


අදහස් (0)

මහේල - අෆ්රිඩි අති විශිෂ්ටයන්ගේ සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.