එංගලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර ලබන ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකා පිල තෝරා ගැනීම සඳහා නම් කර ඇති 23 දෙනකුගෙන් යුත් සංචිතයට පසුගිය කාලයේ පසු බෑමකට ලක්ව සිටි යොවුන් පිතිකරු භානුක රාජපක්‍ෂ ඇතුළත්ව සිටියි.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ භානුක මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල පිතිකරුවකු සිටිය ද පසුගිය කාලයේ යම් පසු බෑමකට ලක්ව සිටියේය. 22 හැවිරිදි භානුක වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලියේදී නැවතත් ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටියි.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක‍්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතාගේ පුතණුවන් වන, 25 හැවිරිදි දක්‍ෂ පිතිකරුවකු වන මාධව වර්ණපුර ද මෙම සංචිතයට ඇතුළත්ව සිටී.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
උදාර ජයසුන්දර, ෂෙහාන් ජයසූරිය, මහේල උඩවත්ත, පබසර වඩුගේ, ඇන්ජලෝ පෙරේරා, මාධව වර්ණපුර, ධනුෂ්ක ගුණතිලක, අෂාන් ප‍්‍රියංජන්, රොෂේන් සිල්වා, රුමේෂ් බුද්ධික, භානුක රාජපක්‍ෂ, නිරෝෂන් දික්වැල්ල, ගයාන් මනීෂාන්, චතුරංග ද සිල්වා, තරිඳු කෞෂාල්, චතුර රන්දුණු, අකිල ධනංජය, ඉෂාන් ජයරත්න, විමුක්ති පෙරේරා, කනිෂ්ක ඇල්විටිගල, ළහිරු ගමගේ, ළහිරු ජයරත්න සහ චරිත් ජයම්පති
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.