Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බැංගලෝර් පිලට සැනසිලි දායක ජයක්

බැංගලෝර් පිලට සැනසිලි දායක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර බැංගලෝර්හිදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට බැංගලෝර් ඉනිමේ මුල් කඩුලු 3 බිඳවැටුණ නමුත් ශිම්රන් හැට්මෙයර් (75) සහ ගුරුකීත් සිං (65) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 144 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 47 කට මුහුණදුන් හැට්මෙයර් හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් සිය අර්ධ ශතකය ලබාගත් අතර පන්දු 48 කදී වාර්තා වූ ගුරුකීත්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත විය. නායක විරාට් කෝලි පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඛලීල් අහමඞ් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත් අතර බුවනේෂ්වර් කුමාර් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය. කෙස් වුවත් හයිද්‍රාබාද් කණ්ඩයාම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 34 කදී නොදැවී ලකුණු 70 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

ආරම්භක පිතිකරුවන් වූ රිධිමන් සාහා පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක්ද, මාටින් ගප්ටිල් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 කට 175
(රිධිමන් සාහා 20, මාටින් ගප්ටිල් 30, කේන් විලියම්සන් නොදැවී 70, විජේ ශංකර් 27, වොශින්ටන් සුන්දර් 24/3, යුස්වේනද්‍ර චාහල් 39/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම - ඕවර 19.2 කදී කඩුලු 6 කට 178
(විරාට් කෝලි 16, ශිම්රන් හැට්මෙයර් 75, ගුරුකීත් සිං 65, ඛලීල් අහමඞ් 37/3, බුවනේෂ්වර් කුමාර් 24/2)

-036


අදහස් (0)

බැංගලෝර් පිලට සැනසිලි දායක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.