Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි

බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයෝ ලකුණු 17 කින් කිංග්ස් XI පංජාබ් පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙය බැංගලෝර් පිල තරග 11 කදී ලැබූ සිවුවැනි ජය මෙය වේ. ආරම්භයේ සිටම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූ බැංගලෝර් පිල මෙම ජයග්‍රහණයත් සමඟ පළමු වරට හත්වැනි ස්ථානයට පැමිණියේය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක දැවැන්ත ඉලක්කය හඹාගිය පංජාබ් පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 185 ක් රැස්කළේය.

ලෝකේෂ් රාහුල් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 27 කින් ලකුණු 42 ක් රැස්කිරීමට සමත් විය.
උමේෂ් යාදේව් ලකුණු 36 කට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.

ක්‍රිස් ගේල් පන්දු 10 කින් හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 23 ක් ලබා සිටියදී ඒ. බී. ඩිවිලියස් හතරේ සීමාව අසළදී රැකගත් උඩ පන්දුවෙන් දැවී යෑම බැංගලෝර් පිලට ප්‍රසාද දීමනාවක් බදු විය.
පංජාබ් පිලේ ආරම්භ පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් සහ ලෝකේෂ් රාහුල් පන්දු 20 කින් ලකුණු 42 ක සම්බන්ධතාවක් පවත්වමින් තරමක සාර්ථක ආරම්භයක් ගෙන දුන්හ.

ඒ. බී. ඩිවිලියස් පන්දු 44 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතක් සමගින් නොදැවී ලකුණු 82 ක් රැස්කරමින් ගිළිහුණු ග්‍රහණයට නැවතත් නතුකරගැනීමට සමත්විය.

මොහොමඞ් ශාමී යැවූ ඉනිමේ 19 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේ සිට ඩිවිලියස් පිට පිටම ගැසූ හයේ පහර තුනත් සමගින් ලකුණු 21 ක් එකතු වීමෙන් බැංගලෝර් පිල ශක්තිමත් විය.

මොහොමඞ් ශාමී යැවූ ඕවර හතරට ලකුණු 53 ක් රැස්කිරීමට බැංගලෝර් පිතිකරුවෝ සමත් වූහ.  
මාකස් ස්ටොනිස් පන්දු 34 කින් නොදැවී ලකුණු 46 ක් රැස්කළ අතර එයට හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය.  

ඒ. බී. ඩිවිලියස් සහ මාකස් ස්ටොනිස් පස්වැනි කඩුල්ලට පන්දු 75 කින් ගොඩනැගු ලකුණු 121 ක සම්බන්ධතාව නිසා බැංගලෝර් පිලට ලකුණු 202 ක් දක්වා ඒමට මඟ පෑදුණි.

බැංගලෝර් පිල පළමු ඕවර හය අවසන් වන විට ලකුණු 70 ක් ලබා සිටිය ද, 10 වැනි ඕවරය අවසන් වන විට කඩුලු හතරක් දැවී ලකුණු 84 ක් පමණක් රැස්කර සිටියේය.

අංක හතර පිතිකරු ලෙස පිටියට පැමිණි මුයින් අලී පන්දු පහකදී ලකුණු හතරක් පමණක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව බැංගලෝර් පිලේ ලකුණු රැස්කිරීමේ වේගය 10 න් පහළට වැටුණි.

ආරම්භක පිතිකරු පර්තිව් පටෙල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 24 කින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත් විය. පර්තිව් පටෙල්ගේ ඉනිමට හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.

නායක විරාට් කෝලි පන්දු අටකින් ලකුණු 13 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

පංජාබ් පිලේ නායක රවිචන්ද්‍ර අෂ්වින් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 202
(ප්‍රර්තිව් පටෙල් 43, ඒ. බී. ඩිවිලියස් නොදැවී 82, මාකස් ස්ටොනිස් නොදැවී 46)

කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 185
(ක්‍රිස් ගේල් 23, ලෝකේෂ් රාහුල් 42, මයාන්ක් අගර්වර් 35, ඬේවිඞ් මිලර් 24, නිකලස් පූර්ණ 46, උමේෂ් යාදේව් 36/3)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි

- 048


අදහස් (0)

බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.