Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයත් පෙර නිමිති බලයි

බංග්ලාදේශයත් පෙර නිමිති බලයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දෙමසකින් පමණ (ජූලි මාසයේදී) ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් මැනවින් සොයා බලන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඊට පසුව ඇතිවූ අවිනිශ්චිත ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රංශ පුවත් සේවා නියෝජිතයාට මෙම ප්‍රකාශය කර තිබේ.

වසර 32 කට ඉහතදී (1987) කොළඹ පිටකොටුවේ බස්නැවතුම අබියස පුපුරා ගිය කාල බෝම්බයක් හේතුවෙන් වසර පහක කාලයක් ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග නොපැවැත්විණ. ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම 1992 ජූලි මාසයේදී නැවතත් ආරම්භ වූ නමුත් 1996 ජනවාරි මාසයේදී පුපුරා ගිය මහ බැංකු බෝම්බය හේතුවෙන් 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ්‍රලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී තරග කිරීමෙන් වැළකී සිටියහ.

මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලිය ජූලි මාසය දක්වා ඉදිරියට ගෙනැවිත් තිබේ. එහෙත් අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම පිළිබඳව මේ වන විට සැක සංකා මතුවී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් 258 දෙනකු මියගිය අතර 400 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

“මේ තරගාවලිය අවිනිශ්චිතයි කියලා අපි කියන්නේ නෑ. ඒත් ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය සහ අපේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අපි ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්ත්වය ගැන අවධානයෙන් ඉන්නවා”

“ඒ එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ගැන කියන්නේ මොනවාද කියලත් අපි උනන්දුවෙන් බලා ඉන්නවා” යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි නිසාමුදීන් චෞද්රි මහතා පැවසීය.

මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩිතැබීමේදී බංග්ලාදේශ පිල දිවි ගලවාගත්තේ යන්තමිනි. එම වෙඩි තැබීමේදී මුස්ලිම් පල්ලියේ සිටි 51 දෙනෙක් මියගියහ. එම වෙඩිතැබීම සිදුවන විට බංග්ලාදේශ කණ්ඩායම සිය උදෑසන යාඥා මෙහෙය සඳහා යමින් සිටි ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් දේවස්ථානයට මීටර 50 ක් තරම ආසන්න වී සිටියේය.

නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ පිල ඒ වන විට ක්‍රයිස්ට්චර්ච් නුවරට ගොස් තිබිණ.

 


අදහස් (0)

බංග්ලාදේශයත් පෙර නිමිති බලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.