Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (19) පැවැති දෙවැනි තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබූ බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වූහ.

බංග්ලාදේශ ක‍්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු 79 කින් ජය ලබමින් බංග්ලාදේශය වසර 16 කට පසුව පාකිස්තානය පරාජය කළේය.

බංග්ලාදේශ පිල ලකුණු 240 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 38.1 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

තමීම් ඉක්බාල් පිට පිටම දෙවැනි ශතකය වාර්තා කරමින් පන්දු 116 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 116 ක් රැස් කිරීමට සමත් විය.

තමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකුර් රහීම් තෙවැනි කඩුල්ලට ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආහ. මුෂ්ෆිකුර් රහීම් පන්දු 70 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල හත්වැනි කඩුල්ලට සාද් නසීම් (නොදැවී 77) සහ වහබ් රියාස් (නොදැවී 51) පැවැත්වූ ලකුණු 82 ක සම්බන්ධතාව නොවන්නට ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු වීමට ඉඩ තිබුණි.


පාකිස්තානු පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 239
(අෂාර් අලී 36, හාරිස් සොහයිල් 44, සාද් නසීම් නොදැවී 77, වහබ් රියාස් නොදැවී 51, ශකීබ් අල් හසන් 51/2)

බංග්ලාදේශ පිල  ඕවර 38.1 කදී කඩුලූ 3 ට 240
(තමීම් ඉක්බාල් නොදැවී 116, සෞම්‍ය සර්කර් 17, මහුමුදුල්ලා 17, මුෂ්ෆිකුර් රහීම් 65)


- 048

 


අදහස් (0)

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.